Breaking News
Home » සෞඛය

සෞඛය

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි. කොළඹ අවට හා පිට පළාත්වල පවත්වාගෙන යන බොහෝ ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව හෙතෙම කියා සිටී. ඖෂධ අමුද්‍රව්‍ය බිම දමා තිබීම නිසා දුහුවිලි බැඳීමෙන් ඒවයේ ගුණාත්මකභාවය පහත වැටෙන අතර සෞඛ්‍යයට ද අහිතකර බව ඔහු පවසයි.

Read More »

සංකල්පයේ අරමුණ

රෝග කළින් හඳුනා ගැනීම සඳහා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවදිවි නාරි මධ්‍යස්ථාන 1,500 කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි. එමෙන්ම, පවුලේ වෛද්‍යවරයා සංකල්පය හරහා පුද්ගලයින් 5,000 කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබා ගන්නා බව ද ඔහු කියා සිටී. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව ලබා දී …

Read More »

රසකැවිලිවලටත් නීතිරීති

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ගන්නා තවත් එක් පියවරක් ලෙසින් සීනි භාවිතය අවම කිරීම සඳහා රසකැවිලි නිෂ්පාදනයට නීතිරීති පනවන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි. නවක හෙද හෙදියන් 1,452 දෙනෙකුට පත්වීම් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම ඒ බව කීය. ‘‘බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරීම සදහා රසකැවිලි …

Read More »

වැට් බද්ද ලබන සතියේ අහෝසියි

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ අහෝසි කරන බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි. ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස එය ක‍්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටී. ඇමතිවරයා ඒ බව පැවසූයේ, ඊයේ මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

Read More »

වලක්වා ගැනීමට උපදෙස්

පාසල් දරු දැරියන් ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය, අමාත්‍යංශයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ගුරුවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කරයි. පාසලේ දී ඉන්ෆ්ලූවෙන්සා රෝග ලක්ෂණ හඳුනා ගතහොත් ගතයුතු පියවර, දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායී ආහාර ලබා දෙන ලෙස මව්පියන්ට උපදෙස් දීම හා රෝගී දරුවන් සුව වන තුරු පාසල් සහ අමතර පන්ති යැවීමෙන් වලක්වා විවේකීව තැබීම ඒ අතර වේ. ඉන්ෆ්ලූවෙන්සා රෝගය හා ප‍්‍රතිකාර …

Read More »

සියයට 75 ක් පාලනය කරලා

දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ රෝගය මේ වන විට සියයට 75 ක් පමණ පාලනය කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසයි. රජයේ සෞඛ්‍ය අංශ ගත් පියවර නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටී. මේ වන විට තංගල්ල මූලික රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු ප‍්‍රතිකාර ලබය.

Read More »

දින නියමයක් නැතිව වැසේ

වෛරස් උණ රෝගයක් පැතිර යෑම නිසා රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමයි. පසුගිය දින කිහිපයේදී එහි සිසු සිසුවියන් විශාල පිරිසකට උණ රෝගය හට ගැනීම නිසා වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇත. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බලන බව ද වාර්තා වේ.

Read More »

වෛරස් උණ ගැන දැනුවත් කරයි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරයි. ඉන්ෆ්ලුවැන්සා වෛරසය නිසා හට ගන්නා මෙම රෝගයෙහි මූලික රෝග ලක්ෂණ වන්නේ සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව සහ උණ යි. නිසි දැනුවත්භාවය නොමැති වීම හා වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම නිසා රෝගය පැතිර යෑම සිදු වේ.

Read More »

උණ රෝගයෙන් 20ක් මරුට

දකුණු පළාතේ පැතිර යමින් ඇති වෛරස් උණ රෝගයෙන් මේ වන විට 20 දෙනෙකු මියගොස් ඇත. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසන්නේ, වෛරසය ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. මාසයකට අධික කාලයක සිට පැතිර යමින් තිබෙන මෙම උණ රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය බවට වෛද්‍ය පර්යේෂණායතනය සොයාගෙන ඇත.

Read More »

මාතර පෙර පාසල් වැසෙයි

මේ දිනවල පැතිර ඇති වෛරස් උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ජුනි 10 වැනිදා තෙක් සතියක කාලයක් වසා තැබේ. දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමය එම තීරණය නිවේදනය කර සිටී. මෙම රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය බව සොයාගෙන ඇති අතර, එය වැඩි වශයෙන් කුඩා දරුවන්ට වැළඳී ඇත.

Read More »