Breaking News
Home » විදෙස්

විදෙස්

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, ඇෆ්ගනිස්තානය, සිරියාව, සවුදි අරාබිය යන රටවල්ද කාන්තාවන් සඳහා භයානක රටවල් වේ. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතික සම්ප‍්‍රදාය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් ජාවාරම් යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Read More »

ට‍්‍රම්ප්-පුටින් හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ජුලි 16 වැනිදා ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි හිදී පැවැත්වීමට යයි. දෙරට අතර පවතින සබඳතා හා ආරක්ෂක ගැටළු පිළිබඳව එහිදී අවධානය යොමු වනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා පුටින් අතර පෙරේදා පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ තිබේ.

Read More »

බෝම්බ ප‍්‍රහාරයෙන් බේරෙයි

සිම්බාබ්වේහි බුලාවායෝ නගරයේ පැවැති ජන රැලියක් ඉලක්ක කරගෙන ඊයේ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. විදෙස් වාර්තා පවසන්නේ, එම අවස්ථාවේදී ජනාධිපති එමර්සන් මන්ගග්වා ද එහි සිටි බවයි. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා වේදිකාවෙන් පිටව යෑමත් සමග ප‍්‍රහාරය එල්ල වී ඇත. ඉන් ජනාධිපතිවරයාට හානියක් සිදුව නැතත්, උප ජනාධිපති කෙම්බෝ මොහාඩි සුළු තුවාල ලබා තිබේ.

Read More »

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ජීනිවාහි පිහිටි එම කවුන්සිලය ප‍්‍රතිසංස්කරණයකට ලක් නොවුවහොත් ඉන් ඉවත් වන බවට ඇමෙරිකාව අවස්ථා කිහිපයකදීම අවධාරණය කර සිටියේය. මීට පෙර, ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකාව වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කළේය.

Read More »

ජපානයට භූකම්පනයක්

ජපානයේ ඔසාකා නගරයට අද උදෑසන බල පෑ භූකම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබයි. රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප‍්‍රබලතාවකින් සටහන් වූ එම භූ කම්පනයෙන් ගොඩනැගිලිවල වීදුරු සහ වෙනත් ද්‍රව්‍ය කඩා වැටීම හේතුවෙන් අනතුරු සිදුව ඇත.

Read More »

ප‍්‍රතික්ෂේප කරයි

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටින පිරිස නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ජනාධිපති රාම් නාත් කෝවින්ද් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘දී හින්දු’ වාර්තා කරයි. මානුෂීය කරුණු සලකා බලා වරදකරුවන් හට සමාව දී නිදහස් කරන්නැයි තමිල්නාඩු මීට පෙර දෙවතාවක් ද ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

Read More »

අබ්දුල් ගයුම් සිර ගෙට

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් හට මාස 18 ක් සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ. නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවහිර කිරීමේ චෝදනාවට ඔහු වැරදිකරු බවට එරට අධිකරණයක් තීන්දු කර ඇත.

Read More »

ට‍්‍රම්ප්-කිම් ඵෙතිහාසික හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඵෙතිහාසික හමුවක් අද සිංගප්පූරුවේදී සිදු විය. ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් පසුව විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තැබූ බව වාර්තා වේ. එහි අන්තර්ගතය සම්බන්ධයෙන් හෙළි වී නොමැත.

Read More »

මුෂාරෆ්ට එරෙහිව නියෝගයක්

කිස්තානයේ හිටපු අගමැති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කරයි. ඔහු රාජ දෙ‍්‍රා්හී චෝදනාවට ලක්ව සිටින්නේ, අගමැති ධුරය හොබවද්දී 2007දී හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීම හා තවත් විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමත් මතයි. එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට …

Read More »

ගිනිකන්දක් පුපුරා යයි

ගුවාතමාලාහි ෆියුගෝ ගිනිකන්ද පුපුරා යෑමෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මරුමුවට පත්ව තවත් සිය ගණනක් අතුරුදහන්ව හා තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එරට අගනුවර වන ගුවාතමාලා නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ ඔබ්බට වන්නට මෙම ගිනිකන්ද පිහිටා ඇත. ඉන් පිට වන ගල්, අළු සහ වායුන් නිසා ගම්මාන දැඩි පීඩාවට පත්ව තිබේ. එරට ප‍්‍රධාන ගුවන් තොටුපල වසා දමා ඇති …

Read More »