Breaking News
Home » ව්‍යාපාරික (page 5)

ව්‍යාපාරික

බහාලූම් ප‍්‍රවාහන ගාස්තු ඉහළට

බහාලූම් ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට යයි. ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් මැයි 20 වැනිදා සිට බහාලූම් ප‍්‍රවාහන ගාස්තු සියයට 15 කින් වැඩි කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලූම් ප‍්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

Read More »

චීන ආයෝජකයින්ගේ අවධානය

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයෙහි ආයෝජනය කිරීම සම්බන්ධයෙන් චීන ආයෝජකයින්ගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් චීන ආයෝජකයින් හා ඇමති මහින්ද අමරවීර අතර ඊයේ සාකච්ඡාවක් පැවැති බවයි. පලතුරු හා එළවළු කල් තබා ගැනීම, පසු අස්වනු නාස්තිය වැළැක්වීම, කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ කෘෂි යන්ත්‍රෝපකරණ සහ කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු විය.

Read More »

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් රුපියල් 137ක් වනු ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ ගොස් රුපියල් 148 ක් වේ. ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි වී රුපියල් 109 …

Read More »

වසර තුනකට අනුමැතිය

වසර තුනක කාලයක් තේ සහ රබර් බෝගවලට පමණක් ග්ලයිපොසේට් වල්නාශකය භාවිතා කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබේ. ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසන්නේ, ග්ලයිපොසේට් තහනම නිසා වැවිලි කර්මාන්තයට සිදු වූ බලපෑම හා ඊට අවසර දීමට ඇති හැකියාව සොයා බැලීමට පත් කළ ඇමති අනුකමිටු නිර්දේශවලට අනුව එම පියවර ගත් බවයි. වෙනත් බෝගවලට සහ ජල මූලාශ‍්‍රවලට ග්ලයිපොසේට් කාන්දු වීම වැලැක්වීමට පලිබෝධ නාශක …

Read More »

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය කියයි. ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 3 සිට 12 දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම, පියලි නොකළ පරිප්පු මත පනවා ඇති බද්ද රුපියල් 1 සිට රුපියල් 7 දක්වා වැඩි කර තිබේ.

Read More »

ජාතික කුරුඳු සතිය ඇරඹෙයි

ජාතික කුරුඳු සතිය අද සිට මැයි 11 දින දක්වා පැවැත්වීමට ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත. ‘ශ‍්‍රී ලාංකේය කුරුඳු සුව දිවියට – ධන සවියට’ එහි තේමාව වෙයි. කුරුඳු වැඩි වශයෙන් වගා කරන ප‍්‍රදේශ වන ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා රත්නපුර දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම කුරුඳු සතිය ක‍්‍රියාවට නැංවේ. ඊට සමගාමීව කෘෂිකාර්මික හා වෙළෙඳ ප‍්‍රදර්ශනයක් …

Read More »

අවසන් වාර්තාව සකස් කරයි

තේ ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව සකස් කර ඇති බව ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. එහි අඩංගු තොරතුරු පදනම් කර ගනිමින් ග‍්‍රාමීය මට්ටමින් තේ ඉඩම් ලේඛනගත කිරීම දැන් සිදු කෙරේ. එම ලේඛන පදනම් කර ගනිමින් ලබන වසරේ සිට තේ ඉඩම් සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

Read More »

අන්තර් ජාලයේ වංචනික ව්‍යාපාර

ක්ෂණික ණය ලබාදෙන බව පවසමින් අන්තර් ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ක‍්‍රියාත්මක වන වංචනික ව්‍යාපාර පිළිබඳ වාර්තා වේ. අන්තර් ජාලය ඔස්සේ තොරතුරු ලබාගන්නා එම ආයතන ණය මුදල ණයකරුගේ බැංකු ගිණුමකට බැර කරන අතර, කිසිදු විනිවිදභාවයකින් තොරව පොලී සහ තවත් ගාස්තු අය කිරීමත් සිදු කරයි.

Read More »

අද සිට නිපදවන කිරිපිටිවලට පමණයි

දේශිය සහ ආනයනික කිරිපිටි සඳහා සිදු කළ මිල ගණන් වැඩිවීම වලංගු වන්නේ අද සිට නිෂ්පාදනය කරන කිරිපිටි පැකට් සඳහා පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. ග‍්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20කින් සහ කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත. දැනට වෙළෙඳපොලේ පවතින කිරිපිටිවල මිල වෙනස් වීමක් කිසිසේත් සිදු කර නොමැති බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි. …

Read More »

කිරිපිටි මිල ඉහළට?

කිරිපිටි මිල ඉහළ නැංවීමට ජීවන වියදම් අනුකමිටුව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ. ඒ අනුව, කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 50 කින් හා ග‍්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

Read More »