Breaking News
Home » ව්‍යාපාරික (page 2)

ව්‍යාපාරික

එළවළු මිල තවත් ඉහළට

පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාධික කාලගුණය හේතුවෙන් ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබී ඉහළ ගිය එළවළු මිල තවදුරටත් ඉහළ යෑමට හැකි බව වෙළෙඳුන් පවසයි. වෙළෙඳපලට දැනට ලැබෙන එළවළු නිසි ප‍්‍රමිතියකින් තොර බව ද ඔවුන් කියා සිටී. මේ අතර, ඉල්ලූමට වඩා සැපයුම ඉහළ නිසා කෙසෙල් මිල පහත වැටි ඇත.

Read More »

ඩොලරයට රු. 161ක්

ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම රුපියල් අගය ලෙසින් රු. 161ක් අද වාර්තා විය. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.00 ක් වූ අතර ගැනුම් අගය 157.80ක් විය. පසුගිය ජනවාරි 01 වැනිදා සිට ජූනි 14 වැනිදා දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.2කින් අවප‍්‍රමාණය වී තිබේ.

Read More »

ගෙන්වීමට අනුමැතිය අනිවාර්යයි

මෙරට නිෂ්පාදනය කරන එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මින් ඉදිරියට කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ලොකු ළූණු සහ අල වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ. මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

Read More »

ආනයන බදු ඉහළට?

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික පලතුරු මත අය කෙරෙන බදු ඉහළ දමන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි. ඊයේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු ඒ බව කීය. පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More »

පෞද්ගලික සේවයෙන් ඉවත් වෙයි

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන සියයට 24 ක බද්ද නැවතත් සියයට 12 දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරුන් දැඩි පියවරක් ගැනීමට යයි. ඔවුන් ජුනි 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. එමෙන්ම, රෝගීන්ගෙන් අය කෙරෙන සියයට 15ක වැට් බද්ද ඉවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටී.

Read More »

එකම ගුවන් යානයත් නවතී

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙතෙක් දෛනිකව පැමිණි එකම ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි ද ඊයේ සිට එහි පැමිණීම නවතා දැමීය. ෆ්ලයි ඩුබායි මත්තලට ගුවන් වාර 1,150 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.

Read More »

භූමිතෙල් මිල පහතට?

ජුනි 11 වැනිදා සිට භූමිතෙල් මිල රුපියල් 25 සිට 30 අතර මුදලකින් අඩු කරන බව රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පවසයි. ඒ අනුව, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 70ත් 80ත් අතර වනු ඇත. පසුගියදා සිදු කළ මිල ඉහළ දැමීමට අනුව මේ වන විට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101ක් වෙයි.

Read More »

ඉන්දීය සාගර කේන්ද‍්‍රස්ථානය

ශ‍්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කොට ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. දළ දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමත්, ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමත් අරමුණු කරගෙන එම පියවර ගන්නා බව ඔහු කියා සිටී. ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවූ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මේලනයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

Read More »

රුපියල 160 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මුල්ම වරට රු. 160 සීමාව ඉක්මවා යයි. ඊයේ දිනයේදී ඩොලරයක ගැණුම් මිල රු. 156.9108 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 160.0069 ක් ලෙසින් සටහන් විය.

Read More »

නව බදු ලිපිගොණු රැසක්

නව බදු සංශෝධනයෙන් පසුව නව බදු ලිපිගොණු සැලකිය යුතු සංඛ්‍යාවක් විවෘත කර ඇති බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු ඒ බව කීය. සෘජු බදු ගෙවන්නන් සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් වක‍්‍ර බදු අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද හෙතෙම පැවසීය.

Read More »