Breaking News
Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

නිර්දේශ අනුව වෙනස්කම්

මහ බැංකු බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව මහ බැංකුවේ වෙනස්කම් සිදු කිරීමට රජය තීරණය කරයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගන්නා බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඊයේ නුගේගොඩ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ් බව කීය.

Read More »

දෙවැනි ගෙවීම ලැබේ

හම්බන්තොට වරාය සංවර්ධන ආයෝජනයට අදාළ දෙවැනි ගෙවීම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 97.365 ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී තිබේ. ප‍්‍රථම අදියරේ ගෙවීම ද ඇතුළුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 389.462 ක මුදලක් ගෙවා ඇත.

Read More »

කර්මාන්ත, වෙළෙඳ ප‍්‍රදර්ශණයක්

පකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප‍්‍රදර්ශනය ඊයේ සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ එම ප‍්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වේ. දෙරට අතර පවතින දිගුකාලීන මිත‍්‍රත්වය සමරමින් සහ එම සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම ප‍්‍රදර්ශනයෙහිි අරමුණු වේ.

Read More »

මාර්තු සිට සහන පොලී මත ණය

තරුණ ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා ඔවුන්ට සහන පොලී මත ණය ලබා දීම මාර්තු මාසයේදී ආරම්භ කරන බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි. අය වැය ප‍්‍රධාන යෝජනාවක් ලෙස මෙය ඇතුලත් කර ඇත. ඒ අනුව, ණය යෝජනා ක‍්‍රම 15ක් යටතේ තරුණ ව්‍යවසායකයින් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබා දීමට නියමිතයි.

Read More »

කාන්තාවන්ට මත්පැන් මිල දී ගත හැකියි

මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිල දී ගැනීමෙන් කාන්තාවන් වැලැක්වීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. එමෙන්ම, මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට එරෙහිව කාන්තාවන්ට පනවා තිබූ තහනම ද ඉවත් කර ඇත.

Read More »

500,000ට ආසන්න රැකියා අවස්ථා

මෙරට විවිධ ක්ෂේත‍්‍රවල 500,000කට ආසන්න රැකියා අවස්ථා සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී. ශ‍්‍රම ඉල්ලූම පිළිබඳ සිදුකළ සමීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇත. ඉන් ඉහළම ඉල්ලූම මහන මැෂින් ක‍්‍රියාකරුවන් සඳහා වාර්තා වන අතර, ඉන් පසුව වැඩිම ඉල්ලූම ආරක්ෂක නියාමකයින් සඳහා යි. එමෙන්ම, යාන්ත‍්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහාය වෘත්තිකයින් සහ හෙද වෘත්තිකයින් සඳහා ද ඉහළ ඉල්ලූමක් පවතියි.

Read More »

කොටස් වෙළෙඳපොල 300ක් වේ

කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම් සහ අරමුදල් සංඛ්‍යාව අද දිනයේ දී 300 ක් බවට පත්විය. මෙම සීමාව කරා ළගා වූ පළමු අවස්ථාව මෙය වේ. ලැයිස්තුගත වූ නවතම සමාගම වන එල්වීඑල් එනර්ජි ෆන්ඩ් සමාගමෙහි ද්විතියික කොටස් ගනුදෙනු අද දිනයේ දී ආරම්භ වීමත් සමඟ එම සිදු විය.

Read More »

පොහොර නැවක් එයි

යූරියා මෙටි‍්‍රක් ටොන් 50,000ක් රැගත් ඔ්මාන නෞකාවක් ඊයේ රාති‍්‍ර කොළඹ වරායට සේන්දු වූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. අදාළ පරීක්ෂා කිරීම්වලින් පසුව එම පොහොර රට පුරා බෙදා හරිනු ඇත. ඉන් ටොන් 16,000ක පළමු තොගය ඉදිරි දින තුනේදී අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට සහ මහියංගණය ප‍්‍රදේශවලට පිටත් කර යැවේ

Read More »

මුල්ම මෙගා සතොස විවෘතයි

මුල්ම මෙගා සතොස ශාඛාව අගමැති රනිල් වික‍්‍රමසිංහ අතින් ඊයේ වැලිසර දී විවෘත විය. සුපිරි වෙළඳසලක ස්වභාවයෙන් සතොස ශාඛා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මෙගා ශාඛා විවෘත කෙරේ. මෙම වසරේදී දිවයින පුරා එවැනි ශාඛා 500ක් විවෘත කිරීම රජයේ අරමුණයි.

Read More »

තවත් මාස හයකට දීර්ඝ කරයි

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම ඊයේ සිට තවත් මාස හයක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පතන යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Read More »