Home » පුවත්

පුවත්

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය අනුමත කොට ඇත. එම ආයතන දස සිල් මාතා ආයතන නමින් ලියාපදිංචි කිරීමට නියමිතයි. මේ වන විට ශ‍්‍රී ලංකාවේ දස සිල් මාතාවන් 4,000ක් පමණ සිටී. එම දස සිල් මාතාවන්ගේ අධ්‍යාපනික කටයුතු සිදු කරනු ලබන්නේ ස්වේච්ඡුා ආයතන …

Read More »

පහර දුන් දිවියෙකු මරා දමයි

අද දහවල් කිලිනොච්චිය අම්බාල්කුලම ප‍්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇත. පසුව, ප‍්‍රදේශවාසීන් එක්වී දිවියාට පහර දී මරා දමා තිබේ. තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලෙහි ප‍්‍රතිකාර ලබයි.

Read More »

වැටුප් ගන්න සේවයට එන්න

තැපැල් සේවක වැඩ වර්ජනය අවසන් කොට නොපමාව සේවයට වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අභයරත්න වර්ජකයින්ගෙන් ඉල්ලා සිටී. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජුනි මස වැටුප් ගෙවීම සිදු කරන්නේ සේවයට වාර්තා කරන සේවකයින්ට පමණක් බවයි. තවදුරටත් වර්ජනයේ නිරතව සිටින සේවකයින්ට ජුනි 01 සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය කරන බව ඔහු කියා සිටී.

Read More »

සාකච්ඡා අසාර්ථකයි

බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම නිසා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තිය සමිති පවසයි. තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ඊයේ සවස පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ලේකම් එච්.කේ. කාරියවසම් කියා සිටී. අද දිනයේදී සිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කරන බවද හෙතෙම පවසයි.

Read More »

බෝට්ටුවක් පෙරළෙයි

මහවැලි ගංගාවේ විනෝද වීම සඳහා බෝට්ටුවකින් ගිය අරාබි ජාතිකයින් හත් දෙනෙකු කටුගස්තොට ගුහාගොඩදී බෝට්ටුව පෙරළීමෙන් අනතුරට පත්ව තිබේ. ඔවුන්ගෙන් හය දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී තිබේ. අතුරුදහන්ව සිටින පුද්ගලයා සොයා මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙයි.

Read More »

උපවාසයක් අරඹයි

දින 10ක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටින තැපැල් සේවකයින් අද පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කළේය. තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය වර්ධනය කරන බවට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර අනතුරු අගවයි. සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සේවය හැර ගියා සේ සලකන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසා ඇත.

Read More »

බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලූම පෞද්ගලික බස් රථ අද උදෑසන සිට වර්ජනයක නිරත වන බව වාර්තා වෙයි. ඊයේ අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමක් හා ගමනාගමන කොමිසමේ සභාපතිවරයා අත්තනෝමතිකව ක‍්‍රියා කරන බවට පවසමින් ඔවුන් වර්ජනයෙහි නිරතව සිටී. තම ඉල්ලීම්වලට හෙට වන විට නිසි පිළිතුරක් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයක නිරත වන බවට ඔවුන් අනතුරු අගවයි. මේ අතර, අද අලූයම ගාල්ල-කොළඹ පෞද්ගලික බස් රථ …

Read More »

විදේශිකයින් දෙදෙනෙකු මරුට

අද උදෑසන 5.00ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම ප‍්‍රදේශයේ දී සිදුව රිය අනතුරකින් ඕස්ටේ‍ලියානු ජාතික කාන්තාවක හා වයස අවුරුදු හතරක දැරියක මරුමුවට පත් විය. කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වු ඔවුන් රැගත් වෑන් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී පෙරළී ගියේය. අනතුරින් තුවාල ලැබූ තවත් ඕස්ටේ‍ලියානු ජාතිකයින් දෙදෙනෙකු හා ලොරි රථයේ රියදුරා නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර …

Read More »

දෙදෙනෙකු කපා මරයි

හංවැල්ල, වැලිකන්න ප‍්‍රදේශයේ නිවසක තිබී කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි 68 හැවිරිදි කාන්තාවකගේ සහ 38 හැවිරිදි ඇයගේ දියණියකගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි. තරුණ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඊයේ රාති‍්‍ර මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කෙරේ. එම නිවසේ සිටි සිව් මසැති බිළිඳෙකු රෝහල්ගත කර ඇත.

Read More »

ජනතාවට විවෘත කිරීමට යයි

රටේ පවතින සාමකාමී වාතාවරණය නිසා මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා ජනතාවට විවෘත කිරීමට ආණ්ඩුව සලකා බලයි. යුද්ධය පැවති කාලයේදී ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධිආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. එය ජනතාවට විවෘත කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව වරාය ඇමති මහින්ද සමරසිංහ ඊයේ පැවති කොළඹ වරායේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයකදී කීය.

Read More »