Breaking News
Home » දේශපාලන

දේශපාලන

සැලසුම් සහගත ගැටුමක්

ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය කියා සිටින්නේ, එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තු ආරක්ෂක අංශයට හා කථානායකවරයාට ලැබී ඇති බවයි. බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බවට කතානායක කරු ජයසූරිය දැනුම් දුන් පසුවත් දිනේෂ් …

Read More »

ජවිපෙ කියන ඛේදවාචකය

දූෂණය පිටු දැකීම සම්බන්ධයෙන් මේ වන විට දූෂිතයින්ම කථා කිරීම ඉමහත් ඛේදවාචකයක් වී ඇති බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. මීට පෙර ඡන්ද විමසීම්වලදී ප‍්‍රතිපත්ති සහ වෙනත් තේමා පාඨ කතාබහට ලක් වූවද, මෙවර මුලට පැමිණ ඇත්තේ වංචාවට, දූෂණයට එරෙහි සටන් පාඨය බව ඔහු පැවසීය. ඊට හේතුව වන්නේ, පළාත් පාලන ආයතන සියල්ල …

Read More »

ජනපති හමු වූ අයට ප‍්‍රහාරයක්

පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමු වී එජනිසට එක් වු ශ‍්‍රීලපොපෙ ක‍්‍රියාකාරිකයෙකුට ඊයේ සවස මිද්දෙනිය නගරයේදී හඳුනා නොගත් පිරිසක් පහර දී තිබේ. ලසන්ත වීරසිංහ නම් වන ඔහු සිද්ධියේදී තුවාල ලබා මිද්දෙනිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. කටුවන ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආරියදාස වීරසිංහ ඔහුගේ පියා වේ.

Read More »

තවදුරටත් ලංකාව වෙනුවෙන් දායකත්වය

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සිය දායකත්වය ලබාදීමට ගෝලීය ආර්ථීක සංසදය තීරණය කරයි. ඒ සම්බන්ධයෙන් සංසදයේ සභාපතිවරයා ප‍්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරින් සහ ඇමති මලික් සමරවික‍්‍රම අතර සාකච්ඡුාවක් පසුගියදා ජිනීවා හිදී පැවැත්වින. මෙරට නිෂ්පාදන, ඇගළුම්, සංචාරක, තොරතුරු තාක්‍ෂණ යන ක්ෂේත‍්‍රවල ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු විය.  

Read More »

පොහොට්ටු අපේක්ෂක අල්ලයි

වව්නියාව දකුණ දෙමළ ප‍්‍රදේශීය සභාවට ශී‍්‍රලපොපෙ (පොහොට්ටුව ලකුණින්) තරඟ කරන අපේක්ෂකයෙකු හා තවත් අයෙකු වව්නියාව නෙළුක්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රිය අනතුරකදී ඇති වූ බහින් බස්වීමක් මත දෙදෙනා ගැටුමක් ඇති කර ගැනීම ඊට හේතුව වේ.  

Read More »

එජාපෙ ප‍්‍රධාන රැලි 25ක්

පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම සඳහා පක්ෂයේ ප‍්‍රධාන ප‍්‍රචාරක රැලි 25ක් පැවැත්වීමට එක්සත් ජාතික පෙරමුණ සැලසුම් කරයි. එම රැලි සියල්ලටම එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සහභාගී වීමටද නියමිතය. එම ප‍්‍රචාරක ව්‍යාපාරය ජනවාරි 18 වැනිදා මහනුවරදී ආරම්භ වේ.  

Read More »

ධූර කාලය වසර පහයි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකින් අවසන් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි. ඒ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා කියා සිටී.

Read More »

ජනාධිපති කොමිසම ලබන සතියේදී

පසුගිය පාලන සමයේ මිහින් ලංකා සහ ශ‍්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතියේදී පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. ඊයේ දඹුල්ලේ පැවති ජන රැලියක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

Read More »

දේශපාලකයින් එපා වෙලා – අනුර

දේශපාලකයින් සිදු කරන වංචා හා දූෂණ හේතුවෙන් ජනතාවට ඔවුන් එපා වී ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි. අම්පාර, උහන ඊයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව කීය. යහපත් දේශපාලකයින් තෝරා ගැනීම ජනතාව සතු වගකීමක් වන බව හෙතෙම පැවසීය.

Read More »

‘බහුතර බලය පෙන්වීමට සූදානම්’

කිසියම් පාර්ශවයක් අභියෝග කරන්නේ නම්, ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට එජාපය සූදානම් බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා පවසයි. බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව කීය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසූයේ, සම්මුතිවාදී ක‍්‍රමය කවුරුන් හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරන බවයි.

Read More »