Breaking News
Home » තාක්ෂණ

තාක්ෂණ

භූගෝලීය සිතියම අලූතින්

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලූතින් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනී. නව සිතියම 1 : 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වනු ඇත. ඉන් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර, ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපයේදී සම්පූර්ණ කරන බව මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත කියා සිටී. ශ‍්‍රී ලංකාවේ සිතියම මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවයි.

Read More »

ආණමඩුව කාර්මික විද්‍යාලයක්

ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදි කිරීම් මේ වන විට සිදු කෙරේ. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 3,882 කි. ආණමඩුව නගරයට නුදුරින් ඉදි කෙරෙන මෙම කාර්මික විද්‍යාල භූමිය අක්කර ගණනාවකින් සමන්විත වේ.

Read More »

නව විදේශ ගමන් බලපත‍්‍රයට ක්ෂුද‍්‍ර චිපයක්

මේ වසරේ සිට නිකුත් කරන නව විදේශ ගමන් බලපත‍්‍රවල හිමිකරුගේ පෞද්ගලික තොරතුරු ගබඩා කළ හැකි ක්ෂුද‍්‍ර චිපයක් අඩංගු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නව විදේශ ගමන් බලපත‍්‍රයේ ඇති නව්‍යතා හේතුවෙන් ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍ර සකස් කිරීමට ඇති ඉඩකඩ විශාල වශයෙන් අහුරා ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. එය වසර 10 ක කාලයක් සඳහා වලංගු වේ.

Read More »

විදුලි බස් රථ 18ක්

කොළඹ නගරයේ මගීන් ප‍්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කරන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එම විදුලි බස් රථවල තිබිය යුතු ප‍්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට ප‍්‍රවාහන අමාත්‍යංශයට භාර දී ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිල දී ගන්නා බව ශ‍්‍රීලංගම සභාපති රමාල් සිරිවර්ධන කියා සිටී. ශ‍්‍රී ලංගමයට විදුලි බස් රථ 50ක් මිල දී …

Read More »

වීසා ක‍්‍රමවේදය යාවත්කාලීන කරයි

මෙරට සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය යාවත්කාලීන හා ක‍්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. මෙරට සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය යාවත්කාලීන හා ක‍්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සුදුසුකම් ලත් විදේශිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා, …

Read More »

ගෙවීම් අන්තර් ජාලයෙන්

පළාත් පාලන ආයතනවලට ජනතාව ගෙවිය යුතු වරිපනම්, බලපත‍්‍ර, ගොඩනැඟිලි බලපත‍්‍ර අනුමත කර ගැනීමේ ගාස්තු ගෙවීම පරිගණක ජාලගත කිරීම සිදු කෙරේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ, දුරකථන, ජංගම දුරකථන හෝ ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් තම නිවසේ සිටම එම ගාස්තු ගෙවීමට ජනතාවට හැකි වන බවයි. ඒවා ආශ‍්‍රිතව සිදුවන දූෂණ සහ අක‍්‍රමිකතා ද අවම කිරීමට ඉන් අවකාශ ලැබෙනු ඇත. ලබන පෙබරවාරි 01 …

Read More »

මාස හයකින් විදුලි බස් රථ

තවත් මාස හයකින් පමණ දිවයිනට විදුලි බස් රථ ගෙන්විය හැකි බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඒ සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටුවක් පත් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් ලංගමය ඉල්ලා ඇත. ඉන් පසුව, ටෙන්ඩර් කැඳවීමෙන් බස් රථ මිල දී ගැනීම සිදු කෙරේ. එම විදුලි බස් රථ කොළඹ ආශ‍්‍රිතව ප‍්‍රධාන නගරවල ධාවනය සඳහා යොදවනු ඇත.

Read More »

ඉදි කිරීම් සියයට 80ක් අවසන්

කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප‍්‍රවාහනය කිරීම සඳහා නව නල මාර්ගයක් ඉදි කිරීමේ කටයුතුවලින් සියයට 80ක් පමණ අවසන් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ගැටළු කිහිපයක් හේතුවෙන් ඉදි කිරීම් සඳහා බාධා එල්ල වූ බව අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ කියා සිටී. එම නල මාර්ගය ඉදි කිරිමෙන් පසු ඉන්ධන ගොඩබෑම වේගවත් කළ හැකි වේ.

Read More »

මාක් සකර්බර්ග්ට පෞද්ගලික අභියෝගයක්

මේ වසරේදී තම පෞද්ගලික අභියෝගය වන්නේ ෆේස්බුක්හි පවතින දුර්වලතා මගහරවා ගැනීම බව එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසයි. ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී සහ ෆේස්බුක් අවභාවිතය වැලැක්වීමේදී වැරදි රාශියක් සිදු වන බව ඔහු තම ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර ඇත. වසර 2004දී ෆේස්බුක් ආරම්භ කිරීමෙන් පසුව සකර්බර්ග් 2009 සිට වාර්ෂිකව තමන්ට අභියෝග එල්ල කළේය.

Read More »

විද්‍යුත් තරංග අංක තහඩුත් එයි

මේ වසරේ සිට වාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි තරංග හැඳුනුමක් එක් කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලැසුම් කරයි. මෙම ක‍්‍රමවේදය දැනට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ක‍්‍රියාත්මක කෙරේ. ලබන වසරේදී අංක තහඩු සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී නව උපාංගය සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට හැකි සපයන්නෙකු තෝරාගැනීමට නියමිතයි.

Read More »