Home » කලා

කලා

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කෙරේ. මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එල්ටන් ජෝන් ද සහභාගි වී තිබේ. එය රූගත කිරීම ඉදිරි අගෝස්තු මාසයේ සිට සිදු කිරීමට නියමිතයි. සංගීතමය චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙය ‘රොකට් මෑන්’ ලෙස නම් කර තිබේ.

Read More »

චිත‍්‍රපට බෙදා හැරීම සංස්ථාවෙන්

චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාව හරහා පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ. සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න පවසන්නේ, පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීමේ බලය පවරා ගන්නා බවයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

Read More »

මහේෂ් නිස්සංකට ඇප දේ

කඩවත සුපිරි වෙළෙඳසැල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින රූපවාහිනි නිවේදක මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත් තනුජ කාවින්ද නිස්සංකට ඇප නියම කෙරේ. ඔවුන් දෙදෙනා ඊයේ මහර මහේස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් ඉදිරියට පමුණුවනු ලැබී අතර, අයෙකුට රුපියල් 1,000 බැගින් වු මුදල් සහ රුපියල් 75,000 ක් බැගින් වු ශරීර ඇප දෙකක් බැගින් නියම විිය. අදාළ …

Read More »

අයිවෝ ඩෙනිස් මිය යයි

ප‍්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අද සවස අභාවප‍්‍රාප්ත විය. ඔහු 86 වැනි වියෙහි පසු වූ අතර, කෙටි කලක් අසනීප තත්ත්වයෙන් පසු වූයේය. දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි 20 වැනිදා සිදු කිරීමට නියමිතයි.

Read More »

පාදය බිඳී කල්හාරි එක්තැන් වෙයි

තම නිවසේදී අනතුරකට ලක්ව පාදය බිඳී යෑමකට ලක් වූ ප‍්‍රවීන ගායිකා චම්පා කල්හාරි ජයසේකර මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් සිටින්නීය. තම පුත‍්‍රයාගේ උපන් දිනය යෙදී තිබුණු මැයි 27 වැනිදා පඩි පේලියකින් ඇද වැටී දකුණු පාදය දෙතැනකින් කැඩී ගිය බව චම්පා පවසන්නීය. කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට ලක් වූ ඇය මේ වන විට කොහුවල නිවාස සංකීර්ණයක නැවතී සිටියි. මාස හයක් …

Read More »

සත්‍යයෙන් තොරයි – මහේෂ් නිස්සංක

තමා සම්බන්ධයෙන් පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බව නිවේදන මහේෂ් නිස්සංක පවසයි. ආරවුලක් මත තමන් වත්තල ප‍්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවෙකුට පිහියෙන් ඇන ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහු කියා සිටී. තම දරුවා පැහැර ගැනීමට පැමිණි පිරිසකට තම මෝටර් රථයේ තිබූ ඉස්කුරුප්පු නියනයකින් පහර දීමෙන් එක් අයෙකු තුවාල ලැබූ බව නිස්සංක පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් කඩවත පොලිිසියට පැමිණිලි කර ඇති …

Read More »

අරියානා ග‍්‍රැන්ඩේ විවාහ ගිවිස ගනී

සුප‍්‍රසිද්ධ ඇමෙරිකානු ගායිකා හා රංගන ශිල්පිනී අරියානා ග‍්‍රැන්ඩේ විවාහ ගිවිස ගනී. ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ විකට රංගන ශිල්පියෙකු වන පීට් ඩේවිඩ්සන් බව වාර්තා වේ. විසි හතර හැවිරිදි අරියානා සහ 20 හැවිරිදි පීට් අතර පවතින සබඳතාව හෙළි වූයේ මීට ටික කලකට ඉහතදීය.

Read More »

මහේෂ් නිස්සංක රිමාන්ඩ්

වත්තල, එඬේරමුල්ලේදී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් නිවේදක මහේෂ් නිස්සංක අත්අඩංගුවට ගෙන තිබේ. ජුනි 09 වැනිදා රාති‍්‍රයේ පෞද්ගලික ආරවුලක් මත එඬේරමුල්ලේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුට ඔහු එම ප‍්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මහේෂ් නිස්සංක මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read More »

තනාෂාගේ සිව් වැනි චිත්‍රපටය

යොවුන් නිලියක හා නිරූපන ශිල්පිනියක වන තනාෂා සතරසිංහ මේ දිනවල නව චිත්‍රපටයක රූගත කිරීම්වල නියැලී සිටින බව වාර්තා වේ. ඒ, වාසිත සමරනායකගේ ‘රජදහන’ චිත්‍රපටයයි. නලින් රාජපක්ෂගේ ‘රන් දේදුන්න’ හරහා සිනමාවට පිවිසි තනාෂා මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තේ’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ හි ද රගපා තිබේ.

Read More »

සෝමවීර සේනානායක මිය යයි

රාජ්‍ය සම්මානලාභී ප‍්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. ඔහු 74 වැනි වියෙහි පසු වූයේය. ඔහු ලියූ මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More »