Breaking News
Home » අධ්‍යාපන

අධ්‍යාපන

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ විය. ජූලි 08 වැනිදා දක්වා දෙවැනි වරටත් පැවැත්වෙන මෙම පොත් සල්පිලට ඇතුළු වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. පොත් මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවක් සියයට 60ත් 80ත් අතර වට්ටම් යටතේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

Read More »

නව නීති ගෙන ඒමට යයි

පළමු ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී පෞද්ගලික පාසල් අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි. මුදල් ලබා ගැනීමට අදාළව පෞද්ගලික පාසල්වලට ක‍්‍රියාත්මක වන නීති යල් පැනගිය ඒවා වෙි. අත්තනෝමතික ලෙස මුදල් ලබාගෙන ඇති බවට වූ තොරතුරු වාර්තා වූ පෞද්ගලික පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශය අනතුරු ඇඟවීම් ද කර ඇත.

Read More »

ජපානයෙන් මිලියන 374ක්

විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා 2018 දී ජපාන රජය රුපියල් මිලියන 374ක ආධාරයක් ලබා දීමට එකඟ වෙයි. ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් බැගින් ඉදිරි වසර හතරකදී ලබාදීම වෙනුවෙන් මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත. එක් වර්ෂයකදී ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා උපරිම වශයෙන් අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය …

Read More »

ආදි ශිෂ්‍යයින්ගේ වගකීමක්

පාසලක් දියුණු කිරීම සඳහා එම පාසලේ ආදි ශිෂ්‍යයින්ට විශාල වගකීමක් පැවරෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. ඊයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

Read More »

උතුරුමැද පාසල් වැසෙයි

පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සඳහා ජුනි 25 වැනිදා සිට ජුනි 29 වැනිදා පාසල් හයක් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. එම පාසල් වන්නේ, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ පාසල ය. එමෙන්ම, …

Read More »

බිග් බෑඩ් වුල්ෆ් කොළඹදී

බිග් බෑඩ් වුල්ෆ් නමැති ලොව සුපතල පොත් ප‍්‍රදර්ශණය ජුනි 28 වැනිදා සිට ජුලි 08 දක්වා කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලොව ජනප‍්‍රිය පොත් පත් මිලියන 1.5 ක පමණ ප‍්‍රමාණයක් සියයට 60ත්, 80 ත් අතර වට්ටම් යටතේ මිල දී ගැනීමට එහිදී අවස්ථාව සැලසෙයි. දින 11ක් තිස්සේ පැය 24 පුරා විවෘතව තැබෙන මෙම පොත් ප‍්‍රදර්ශණය අඛණ්ඩව පැය 255ක් …

Read More »

රජරට සරසවිය වැසේ

සිසුන් පිරිසක් ඊයේ සවස පරිපාලන ගොඩනැගිල්ලෙහි බලහත්කාරයෙන් රැඳී සිටීමෙන් පසුව රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබේ. උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන පවසන්නේ, නේවාසික සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවයි.

Read More »

සිසුවියන්ට ලිංගික හිංසනයක්

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන නේවාසික සිසුවියන්ට ලිංගික හිංසනයක් සිදු කළැයි සිසුවියන් සිව් දෙනෙකු සහ සිසුවෙකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත. ඔවුන් ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබින.

Read More »

කඩිනමින් ඉල්ලුම් කරන්න

මෙවර අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින්නන් ඔවුන්ගේ් ජාතික හැඳුණුම්පත් ලබා ගැනීම සඳහා කඩිනමින් ඉල්ලූම් කළ යුතු වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් පී.වී. ගුණතිලක පවසන්නේ, නියමිත කාලයේදී ඉල්ලූම්පත් යොමු කිරීමෙන් කටයුතු වඩාත් පහසු වන බවයි. මෙම විභාගවලට පෙනී සිටින්නන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට මෙතෙක් අයදුම් කර නොමැති බව ඔහු කියා සිටී.

Read More »

ඡන්ද විමසීමක් නැතිව සම්මතයි

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි. ඊයේ කාරක සභා අවස්ථාවේ සළකා බැලූ එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තුවට දැන්වීය. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කරනු ලැබීය.

Read More »