Breaking News
Home » 2018 » June » 21

Daily Archives: June 21, 2018

පහර දුන් දිවියෙකු මරා දමයි

අද දහවල් කිලිනොච්චිය අම්බාල්කුලම ප‍්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇත. පසුව, ප‍්‍රදේශවාසීන් එක්වී දිවියාට පහර දී මරා දමා තිබේ. තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලෙහි ප‍්‍රතිකාර ලබයි.

Read More »

වැටුප් ගන්න සේවයට එන්න

තැපැල් සේවක වැඩ වර්ජනය අවසන් කොට නොපමාව සේවයට වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අභයරත්න වර්ජකයින්ගෙන් ඉල්ලා සිටී. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජුනි මස වැටුප් ගෙවීම සිදු කරන්නේ සේවයට වාර්තා කරන සේවකයින්ට පමණක් බවයි. තවදුරටත් වර්ජනයේ නිරතව සිටින සේවකයින්ට ජුනි 01 සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය කරන බව ඔහු කියා සිටී.

Read More »

ලංකාවට දිගටම සහාය

ශී‍්‍ර ලංකාවේ සංහිඳියා ක‍්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක‍්‍රියාවලියේදී ඇමෙරිකාව අඛණ්ඩව පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා ඊයේ ශ‍්‍රී ලංකා බලධාරීන් හමු වී ඒ බව කියා සිටියේය.

Read More »

රුපියල පාවීමට ඉඩහැරිය යුතුයි

රුපියල තවදුරටත් පාවීමට ඉඩ හැරිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප‍්‍රධානී මැනුවෙලා ගොරෝතී ඊයේ පැවසුවාය. ශ‍්‍රී ලංකාව තවදුරටත් විනිමය අනුපාතික පාවීමට ඉඩ හැරිය යුතු බවත් විනිමය අනුපාතිකවලට වෙළෙඳපොළ තත්ත්වවලට අනුකූලව නිදහසේ හැසිරීම සඳහා ඉඩ දිය යුතු බවත් ඇය කීවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය අරමුදල යටතේ ලබාදෙන ණය පහසුකම යටතේ කරන ලද …

Read More »

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් අතින් ඉරානය ගෝල 1-0 ක් ලෙස පරාජය විය. ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ දියාගෝ කොස්තා යි. මේ අතර, පෘතුගාලය ඊයේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කළේය. ඒ, ගෝල 1-0 ක් ලෙස මොරොක්කෝ කණ්ඩායම පරාජය කරමිනි. පෘතුගාලය වෙනුවෙන් නායක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේය. මේ …

Read More »

ඡන්දය දෙසැම්බර් මාසයේදී

පළාත් සභා ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. මනාප ක‍්‍රමය යටතේ එය පැවැත්වෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීය. ඒ සඳහා වන සංශෝධන පනත සැප්තැම්බරයේදී ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කීය.

Read More »

සහල් පර්යේෂණවලට සහාය

මෙරට සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය එකඟතාව පළ කරයි. ඒ සම්බන්ධයෙන් වන ගිවිසුමකට එම ආයතනය සහ කෘෂිකර්ම අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. දෙපාර්ශ්වය ඒකාබද්ධව 2018 සිට 2023 දක්වා වන වැඩසටහනකට ඉන් එකඟතාව පළ කර තිබේ.

Read More »

මුල්ම අධිකරණය ජූලි 02 දා

දුෂණ වංචා සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණවලින් පළමුවැන්න ලබන මාසයේදී ස්ථාපිත කරන බව රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා කියා සිටී. ඊයේ පානදුර දී මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය. මෙම අධිකරණය ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය ඉදිරිපිට නව ගොඩනැගිල්ලක පිහිටුවනු ඇත.

Read More »

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යංශයේ නියෝජිතයින් සමග සාකච්ඡුා පවත්වා ඇත. මුල්ම බහුකාර්ය ධීවර වරාය සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කෙරෙමින් පවතියි. ඒ අනුව, ලබන වසරේ මුල් මාස කිහිපයේදී උඩප්පුව හෝ ඩෙල්ෆ්ට් බහුකාර්ය ධිවර වරාය දෙකෙන් එකක ඉදි කිරීම් ආරම්භ කරනු …

Read More »

ඡන්ද විමසීමක් නැතිව සම්මතයි

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි. ඊයේ කාරක සභා අවස්ථාවේ සළකා බැලූ එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තුවට දැන්වීය. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කරනු ලැබීය.

Read More »