Breaking News
Home » 2018 » June » 17

Daily Archives: June 17, 2018

සැකකරුවන් රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ජුනි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. සෙසු සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read More »

චන්දිමාල්ට පන්දුව ගැන චෝදනාවක්

පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කරයි. බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය වූ ඊයේ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළ බවට ඔහු චෝදනා ලැබ සිටී. අදාළ චෝදනාවට විරෝධය පළ කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භයේදී පිටියට නොපැමිණ පැය දෙකකට ආසන්න කාලයක් ක‍්‍රීඩාගාරයේ රැඳී සිටියේය. …

Read More »

පැය 4ක් කලින් එන්න

කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු ආශ‍්‍රිතව සිදුකරනු ලබන අලූත්වැඩියාවක් හේතුවෙන් විදෙස් ගතවන මගීන් හෙට සිට පැය හතරක් කලින් ගුවන් තොටුපලට පැමිණිය යුතු බව ශ‍්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. එම සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය දුරකථන අංක 1979 ඔස්සේ සම්බන්ධ වීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Read More »

මුල්ම නියමුවරියන් පුහුණුවේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම ගුවන් නියමුවරියන් සිව්දෙනා සිය පුහුණුවීම් දැන් සිදු කරයි. අවුරුදු 20 ත් 21ත් අතර වයස්වල පසුවන මේ ආධුනික ගුවන් නියමුවරියන් ත‍්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ පුහුණුවීම් සිදුකරයි. පවිත‍්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, පියුමි ජයරත්න සහ ජයනි තත්සරණි හේවාවිතාරණ එම සිව් දෙනායි. වසර 2017 දී ගුවන් හමුදාවට එක් වූ ඔවුන් මේ …

Read More »

වගකීම භාරගත යුතුයි

රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් වගකීම් භාරගත යුතු බවට රජය තීරණය කරයි. එමෙන්ම, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප‍්‍රධානීන්ගේ වගකීම වනු ඇත. මේ වනවිට 7,500කට අධික පිරිසක් …

Read More »

පොලිසියට අභියෝගයක්

ජනතාවගේ ආරක්ෂාව සැලසීම ඇතුළුව නීතිය හා සාමය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවට අභියෝගයක් වී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම ඒ බව කීය

Read More »

ප‍්‍රංශයට ජය

රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ ඊයේ පැවති මූලික වටයේ තරගයකදී ඕස්ටේලියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට ප‍්‍රංශය සමත් විය. තරගයේදී වාර්තා වූ ගෝල තුනෙන් දෙකක්ම දඬුවම් පහර විය. මේ අතර, දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ලයනල් මෙසී අපොහොසත් වීම නිසා ‘ඩී’ කාණ්ඩය යටතේ අයිස්ලන්තය සමග පැවති තරගයෙන් ආජන්ටිනාව ජය ගැනීමට නොහැකි විය. තරගය ගෝල …

Read More »

රසකැවිලිවලටත් නීතිරීති

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ගන්නා තවත් එක් පියවරක් ලෙසින් සීනි භාවිතය අවම කිරීම සඳහා රසකැවිලි නිෂ්පාදනයට නීතිරීති පනවන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි. නවක හෙද හෙදියන් 1,452 දෙනෙකුට පත්වීම් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම ඒ බව කීය. ‘‘බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරීම සදහා රසකැවිලි …

Read More »

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාත සහ මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්කවලට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

Read More »

ලංකාව ලකුණු 13ක් පසුපසින්

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවැනි දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 300ක් ලබා ගත්තේය. එහිදී ඩෙවෝන් ස්මිත් ලකුණු 61ක් සහ ෂේන් ඩොව්රිච් ලකුණු 55ක් බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු හතරක් සහ කසුන් රාජිත කඩුළු තුනක් බැගින් දවා ගත්හ. සිය පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 253ක් ලබා ගත් ශී‍්‍ර ලංකාව දිනය අවසන් …

Read More »