Breaking News
Home » 2018 » June » 16

Daily Archives: June 16, 2018

සැකකරුවන් අල්ලයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය පවසන්නේ, නුගේගොඩ පැපිලියාන ප‍්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

Read More »

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් සහ ගාල්ල දිස්ති‍්‍රක්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. මාතර සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

Read More »

දැවැන්ත සංවර්ධන පෙරළියක්

ගම සංවර්ධනය කිරීමේ දැවැන්ත පෙරළියක් සිදු කෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි. අතිවිශාල මුදලක් වැය කරමින් සියලූ ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බව ඔහු කියා සිටී. දුක් විඳින ග‍්‍රාමීය ජනතාවට සංවර්ධනයේ අරුණළු උදා කරදීම එහි අරමුණ බව ඔහු පවසයි.

Read More »

ප‍්‍රතික්ෂේප කරයි

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටින පිරිස නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ජනාධිපති රාම් නාත් කෝවින්ද් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘දී හින්දු’ වාර්තා කරයි. මානුෂීය කරුණු සලකා බලා වරදකරුවන් හට සමාව දී නිදහස් කරන්නැයි තමිල්නාඩු මීට පෙර දෙවතාවක් ද ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

Read More »

රොනාල්ඩෝගෙන් දස්කම්

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තරගය දෙපිලම ගෝල තුන බැගින් ලබා ගනිමින් ජය පරාජයෙන් තොරව අවසන් විය. එහිදී ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ගෝල ති‍්‍රත්වයම ලබා ගත්තේය. මේ අතර, මොරොක්කෝවේ අසීස් බෝහැඩෝස් තරගයේ අවසන් මොහොතේ හිසෙන් එල්ල කළ පහර තමන්ගේම දැල වෙත පතිත වීම හේතුවෙන් ඉරානය හමුවේ ගෝල 1-0 ක පරාජයක් අත් විය. තරගයේ නියමිත කාලයේදී …

Read More »

කොතලාවල ඇදුරන්ගේ තීරණය

ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කරයි. වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙසට ඔවුන් ඉල්ලා සිටී.

Read More »

අයෙකු මරුට

පිළියන්දල, බටුවන්දර ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අවමංගල්‍ය කටයුත්තක් සඳහා පොදු සුසාන භූමියක් සකස් කරමින් තිබෙන විට එම ස්ථානයට පැමිණි ලී කුඩු රැගත් ලොරි රථයක් රියදුරා නොවන පුද්ගලයෙකු පණ ගැන්වීමේදී අනතුර සිදුව ඇත. තුවාල ලැබූ තවත් තිදෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ලොරි රථය පැදවූ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

වර්ෂාවෙන් බාධා

ශී‍්‍ර ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර, දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුළු දෙකකට ලකුණු 118ක් රැස් කර සිටියේය. එහිදී ඩෙවන් ස්මිත් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේය. ශී‍්‍ර ලංකාව තම පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 253කට දැවී ගියේය.

Read More »

ඉන්දියාවේ දරුණුම ජල අර්බුදය

ඉන්දියාව එරට ඉතිහාසයේ දරුණුතම ජල අර්බුදයට මේ වන විට මුහුණ පා සිටියි. ඉන්දියානුවන් මිලියන 600ක් පමණ දෙනා උග‍්‍ර ජල හිගයකට මුහුණ දී සිටින අතර, එරට ප‍්‍රාන්ත 29න් 24ක සිදු කළ සමීක්ෂණයකට අනුව ඉදිරි වසර කිහිපයේදී මෙම තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බවට බිය පළව ඇත. එමෙන්ම, 2020 වනවිට ප‍්‍රාන්ත 21ක භූගත ජල හිගයක් මතුවනු ඇති බව වාර්තා වේ.

Read More »

දඩ කොළ ගෙවීමට උපදෙස්

රථවාහන වැරදිවලට පොලිසිය නිකුත් කරන දඩ කොළ සඳහා වන ගෙවීම් අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඉල්ලා සිටී. තැපැල් සේවක වර්ජනය නිසා තැපැල් කාර්යාලවලට එම ගෙවීම් කළ නොහැකිව තිබේ.

Read More »