Breaking News
Home » 2018 » June » 11

Daily Archives: June 11, 2018

දයාසිරිගෙන් ප‍්‍රකාශයක් ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මන්ත‍්‍රී දයාසිරි ජයසේකරගෙන් පැය පහක පමණ කාලයක් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් ලබා ගත්තේය. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත.

Read More »

තරුණයින් දෙදෙනෙකු මරුට

දඹුල්ල-ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ත‍්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු මරුමුවට පත් වෙයි. තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

මරා දැමූ පොලිස් නිලධාරීන් සැමරේ

මීට වසර 28කට පෙර තිරුක්කෝවිල් රූෆස්කුලම් වනාන්තරයේදී කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද 600කට අධික පොලිස් නිලධාරීන් සිහි කිරීමක් පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. එම ස්ථානයේ ඉදි කර ඇති ස්මාරකයට පොලිස් උත්තමාචාර දැක්වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මල්වඩමක් තැන්පත් කර උපහාර දැක්වීය. පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඝාතනය වූ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බව වාර්තා වේ.

Read More »

ශූරතාව ගාල්ලට

අන්තර් පළාත් එක් දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වෙයි. ඊයේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් ලබා ගත්තේය. මුලින්ම පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුළු හතක් දැවී ලකුණු 320 ක් රැස් කළේය. එහිදී නායක උපුල් තරංග පන්දු 122 කදී ලකුණු 124ක් ලබා ගැනීම විශේෂත්වයකි. පිළිතුරු ලෙසින් කොළඹ කණ්ඩායම …

Read More »

සියයට 75 ක් පාලනය කරලා

දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ රෝගය මේ වන විට සියයට 75 ක් පමණ පාලනය කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසයි. රජයේ සෞඛ්‍ය අංශ ගත් පියවර නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටී. මේ වන විට තංගල්ල මූලික රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු ප‍්‍රතිකාර ලබය.

Read More »

පෞද්ගලික සේවයෙන් ඉවත් වෙයි

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන සියයට 24 ක බද්ද නැවතත් සියයට 12 දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරුන් දැඩි පියවරක් ගැනීමට යයි. ඔවුන් ජුනි 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. එමෙන්ම, රෝගීන්ගෙන් අය කෙරෙන සියයට 15ක වැට් බද්ද ඉවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටී.

Read More »

ලංකාවෙන් ඉහළම දස්කමක්

ජපානයේ ටෝෆු නගරයේ පැවති ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ ඉහළම දස්කම වාර්තා කිරීමට සමත් විය. ඔවුන් එහිදී රන් පදක්කම් තුනක් සහිතව පදක්කම් නවයක් දිනා පදක්කම් සටහනේ පස් වැනි ස්ථානයට පත් විය. පිරිමි මීටර් 400, කාන්තා මීටර් 3,000 සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් හිමි විය.

Read More »

ඉක්මනින් භාර දෙන්න

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමට අදාල බී.සී. ආකෘති පත‍්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග‍්‍රාම සේවා නිලධාරිවරුන්ට භාර දෙන්නැයි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම ආකෘති පත‍්‍ර බෙදා හැරීම මේ වන විට සියයට 90ක් පමණ අවසන් කර ඇත. ඉදිරියේදී පවත්වන මැතිවරණ කිහිපයක් සඳහා භාවිත කරනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනයයි.

Read More »

ලංකාවට පරාජය අත් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක පරාජයක් ශී‍්‍ර ලංකාවට අත් වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුළු අටකට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය පළමු ඉනිම වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 185 ක් පමණි. තම දෙවැනි ඉනිම වෙනුවෙන් කොදෙව්වන් කඩුළු හතක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම …

Read More »

තනාෂාගේ සිව් වැනි චිත්‍රපටය

යොවුන් නිලියක හා නිරූපන ශිල්පිනියක වන තනාෂා සතරසිංහ මේ දිනවල නව චිත්‍රපටයක රූගත කිරීම්වල නියැලී සිටින බව වාර්තා වේ. ඒ, වාසිත සමරනායකගේ ‘රජදහන’ චිත්‍රපටයයි. නලින් රාජපක්ෂගේ ‘රන් දේදුන්න’ හරහා සිනමාවට පිවිසි තනාෂා මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තේ’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ හි ද රගපා තිබේ.

Read More »