Breaking News
Home » 2018 » June » 10

Daily Archives: June 10, 2018

තැපැල් සේවක වර්ජනයක්

තැපැල් සේවකයින් අද සවස 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කරයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ, රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍‍්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාත්මක කිරීමේදී තැපැල් සේවකයින්ට හා ආයතනයේ සේවා සැපයීමට ගැටළු රැසක් මතුව ඇති බවයි. තැපැල් වෘත්තීය සමිති පසුගිය සතියේ දී ද සංකේත වැඩ වර්ජනයක නිරත විය.

Read More »

ලංකාවට සිව් වැනි තැන

මැලේසියාවේ කුවාලා ලම්පූර් හිදී පැවති ආසියානු කාන්තා පන්දුවාර විස්සයි-20 තරගාවලියේ සිව් වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය හා මැලේසියාවට එරෙහිව ජය වාර්තා කළ ඔවුන් පකිස්තානය, ඉන්දියාව හා තායිලන්තය හමුවේ පරාජයට පත් විය. තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වේ.

Read More »

අගමැති පෞද්ගලික සංචාරයක

සය දින පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් බැහැර යයි. ඔහු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද අළුයම දෝහා බලා පිටත්ව ගියේය.

Read More »

යාපනේ ගැටුමකින් 24ක් රෝහලේ

යාපනය වැල්වැටිතුරෙයි නෙඞ්කාඩු ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් තරුණයින් 24 දෙනෙකු තුවාල ලබා ඇත. වැල්වැටිතුරේ පොලීසිය පවසන්නේ, බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි. තුවාල ලැබූ 21 දෙනෙකු ඌරණී රෝහලටත් තවත් තිදෙනෙකු පේදුරුතුඩුව මන්දිගායි රෝහලටත් රැගෙන ගොස් ඇත.

Read More »

සිගමන් යැදීම තහනම්

ජූලි 01 වැනිදා සිට දුම්රිය මැදිරිවල සහ දුම්රිය ස්ථාන පරිශ්‍රවල සිඟමන් යැදීම තහනම් කෙරේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, මගීන්ට සිදුවන අපහසුතා සහ බලපෑම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

Read More »

හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ්

මාලබේ සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න ජුනි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඔහු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලැබීය. ව්‍යාජ පැමිණිල්ලක් කිරීම, ව්‍යාජ ප්‍රකාශයක් ලබා දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ ද, ගිනි අවි ආඥා පනතට යටතේ ද ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගමන් ගත් මෝටර් රථයට 2017 පෙබරවාරි 04 වැනිදා මාලබේදී වෙඩි ප්‍රහාරයක් එල්ල …

Read More »

ශූරතාව රාජකීයයන්ට

පාසල් ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වෙයි. ශාන්ත පීතර විද්‍යාලය සමග පැවති අවසන් තරගයේදී ඔවුන් ලකුණු 32-13 ලෙසින් ජය ගත්තේය.

Read More »

තාවකාලිකව වැසෙයි

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යාපන පීඨය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇත. පීඨාධිපතිනි එස්. කුමුදුනි දේවි පවසන්නේ, පීඨයේ සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මැයි 01 වැනිදා සිට පන්ති වර්ජනයක් සිදු කරන බවයි. මෙම පීඨයට නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

Read More »

මධුෂ්ගේ දෙදෙනෙකු මරුට

ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වත්තේගම මඩවල ප්‍රදේශයේදී එම සිද්ධිය සිදු විය. මියගොස් ඇත්තේ මාකඳුරේ මධුෂ් නමැත්තාගේ සගයින් දෙදෙනෙකු බව වාර්තා වේ.

Read More »

ලංකාවට ලකුණු 453ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ටි්‍රනිඩෑඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 453 ක ඉලක්කයක් ලැබෙයි. තරගයේ සිව් වැනි දිනය ඊයේ නිමා වන විට ඔවුන් කඩුළු තුනක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. …

Read More »