Breaking News
Home » 2018 » June » 09

Daily Archives: June 9, 2018

මුෂාරෆ්ට එරෙහිව නියෝගයක්

කිස්තානයේ හිටපු අගමැති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කරයි. ඔහු රාජ දෙ‍්‍රා්හී චෝදනාවට ලක්ව සිටින්නේ, අගමැති ධුරය හොබවද්දී 2007දී හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීම හා තවත් විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමත් මතයි. එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට …

Read More »

ණය අඩු කර ගැනීමට පියවර

රට වෙනුවෙන් ගෙන ඇති ණය ප‍්‍රමාණය අඩු කර ගැනීම සඳහා වර්තමාන රජය පියවර ගෙන ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය. රටේ ආර්ථිකය ද දියුණු මට්ටමකට රැගෙන ඒමට හැකි වී ඇති බව හෙතෙම පැවසීය.

Read More »

එකම ගුවන් යානයත් නවතී

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙතෙක් දෛනිකව පැමිණි එකම ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි ද ඊයේ සිට එහි පැමිණීම නවතා දැමීය. ෆ්ලයි ඩුබායි මත්තලට ගුවන් වාර 1,150 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.

Read More »

සෝමවීර සේනානායක මිය යයි

රාජ්‍ය සම්මානලාභී ප‍්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. ඔහු 74 වැනි වියෙහි පසු වූයේය. ඔහු ලියූ මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More »

වැල්ලමඩම පරිශ‍්‍රය වැසේ

රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේ පීඨ පහක් දින නියමයක් නොමැතිව වසා දමයි. සිසුන් පිරිසකගේ විනය විරෝධී ක‍්‍රියාවක් හේතුවෙන් මෙම පියවර ගත් බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනාරත්න කියා සිටී. එසේ වසා දමා ඇති පීඨ වන්නේ තාක්ෂණ, කළමනාකරණ හා මුල්‍ය, මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා, ධීවර සාගර හා තාක්ෂණ සහ විද්‍යා යන පීඨයි.

Read More »

ලකුණු 360ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 360ක් ඉදිරියෙන් සිටියේය. සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම කඩුළු හතරක් දැවී ලකුණු 131ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 185කි. කොදෙව් කණ්ඩායම තම ප‍්‍රථම ඉනිම සඳහා කඩුළු අටක් දැවී ලකුණූ 414ක් ලබා …

Read More »

ඝාතකයෙකු අත්අඩංගුවට

කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත් ඇල්පිටිය උරගස්මංහදිය ප‍්‍රදේශයේ දී ඊයේ රාත‍්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇත. ඔහු මංගල උත්සවයකට සහභාගී වී තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් නැවත පැමිණෙමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් තිබේ. ඝාතකයින් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත. උප සභාපතිවරයා ඝාතනය කර …

Read More »

රංගෙබණ්ඩාර පුතා රිමාන්ඩ්

බීමතින් කැබ් රථයක් පදවා බංගදෙණිය ප‍්‍රදේශයේ නිවසකට අලාභහානි සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කෙරේ. ඔහු ඊයේ නුගේගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න ඉදිරියට පමුණුවනු ලැබීය.

Read More »

‘පොදු වැඩපිළිවෙලක් ඔ්නෑ’

විශ්ව විද්‍යාලවල පවතින නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියළු පාර්ශ්ව එක්ව පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීරණ විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. සදාචාරවත් නොවූ අමානුෂික නවක වදය හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී සරසවි සිසු සිසුවියන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වූ බව ඔහු කියා සිටී. හෙට දවසේ රට භාර ගැනීමට සිටින දරුවන්ට එල්ල වී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව ජනාධිපතිවරයා …

Read More »

රන් එකක් හා රිදී දෙකක්

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේ ඊයේ පැවති ඉසව්වලදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය. මීටර් 400 බාලක ධාවන ඉසව්වේදී අරුණ දර්ශන නව තරග වාර්තාවක් සමග පළමු ස්ථානය දිනා ගත්තේ එම ඉසව්ව තත්පර 45.79 කින් අවසන් කරමිනි. තත්පර 46.96 කින් තරගය නිම කරමින් පසිඳු කොඩිකාර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය. මීටර් 400 …

Read More »