Breaking News
Home » 2018 » June » 07

Daily Archives: June 7, 2018

වරෙන්තු නිකුත් කරයි

විපක්ෂ මන්ත‍්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි හලාවත මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක අද හලාවත පොලීසියට වරෙන්තු නිකුත් කළේය. මන්තී‍්‍රවරයා චූදිතයෙකු වන නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම ඊට හේතුවයි. වසර 2008 නොවැම්බර් 24 වැනිදා එවකට ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම, රාජකාරියට බාධා කිරීම, සාපරාධි බලහත්කාරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම යන චෝදනා මත සනත් නිශාන්ත සහ ඔහුගේ …

Read More »

දින නියමයක් නැතිව වැසේ

වෛරස් උණ රෝගයක් පැතිර යෑම නිසා රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමයි. පසුගිය දින කිහිපයේදී එහි සිසු සිසුවියන් විශාල පිරිසකට උණ රෝගය හට ගැනීම නිසා වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇත. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බලන බව ද වාර්තා වේ.

Read More »

ගෙවා ඇත්තේ මෙන්ඩිස් සමාගමයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඞ් පතෙහි වියදම වශයෙන් රුපියල් මිලියන 3.2 ක මුදලක් චෙක්පත් හරහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ගෙවා ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ අනාවරණය කරයි. ඔහු ඒ බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද වාර්තා කළේය. එමෙන්ම, එම සමාගම රුපියල් මිලියන තුනක් චෙක්පත් කිහිපයක් මඟින් රාජ්‍ය ඇමතිවරයෙකුට ලබා දී ඇති බව ද දැනුම් දී ඇත.

Read More »

කෝප් සභාපතිත්වය දිගටම

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසින් ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති නැවතත් පත් වී තිබේ. අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය ආරම්භ වීමෙන් පසුව අද කෝප් කමිටුව පළමුවරට රැුස් විය. පෙර සිටි සාමාජිකයින් කමිටුවට යළි පත් කිරීමට යෝජනා විය. නමුත්, වීරකුමාර දිසානායක වෙනුවට ජයන්ත සමරවීර පත් කර තිබේ.

Read More »

නාය යෑමේ අවදානමක්

පවතින තද වැසි හේතුවෙන් රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල නාය යෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම දිස්ත‍්‍රික්ක තුනෙහි බෑවුම් ප‍්‍රදේශ ආශි‍්‍රත පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටිය යුතු බව එම සංවිධානය කියා සිටී.

Read More »

වාර්තා අසත්‍යයි – කරූ

බැඳුම්කර වාර්තා සම්බන්ධයෙන් පළවන වාර්තා සහ මුදල් ලබාගත් මන්ත‍්‍රීවරුන්ගේ නාමලේඛණයක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අද විශේෂ ප‍්‍රකාශයක් කරමින් කථානායක කරූ ජයසූරිය පැවසීය. ඔහු කියා සිටියේ, ‘‘බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප‍්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කථානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි. අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප‍්‍රකාශ වුනු …

Read More »

රන් කුට්ටි සමග කොටු වේ

රුපියල් මිලියන 13කට අධික වටිනාකමකින් යුත් රත්රන් කුට්ටි දෙකක් තම ජංගම දුරකථන අතිරේක විදුලි ගබඩාවල සඟවා ගෙන මෙරටට පැමිණි ගායිකාවක සහ රූපලාවන්‍ය ශිල්පිනියක අද කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. මෙම රත්රන්වල බර කිලෝග‍්‍රෑම් දෙකකි. ඔවුන් දෙදෙනා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ යානාවකින් මෙරටට පැමිණ තිබේ.

Read More »

අවසන් කටයුතු හෙට

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීන මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්නගේ දේහය මාලබේ පිහිටි ඔහුගේ නිවසේ සිට අද පෙරවරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත ගෙනැවිත් තිබේ. ඔහුගේ දේහය හෙට දිනය දක්වා මහජන ගෞරවය සඳහා එම ස්ථානයේ තැන්පත් කර තැබේ. මිය යන විට 56 වැනි වියෙහි පසු වූ හේමනලින් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹදී සිදු කිරීමට නියමිතයි.

Read More »

කොදෙව්වන් 246/6

සංචාරක ශී‍්‍ර  ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුළු හයක් දැවී ලකුණු 246ක් ලබා සිටියේය. ෂේන් ඩෝරිච් නොදැවී ලකුණු 46ක්, ෂායි හෝප් ලකුණු 44ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 40ක් බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු තුනක් බිඳ හෙලූ අතර සුරංග ලක්මාල් සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා …

Read More »

විරෝධතාවක් නිසා වැසෙයි

රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ඊයේ සිට දින නියමයකින් තොරව වසා දැමූ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පවසයි. නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් කැඳවීමට එරෙහිව සිසුන් විරෝධතාවක් පැවැත්වීම ඊට හේතුවයි.

Read More »