Breaking News
Home » 2018 » June » 02

Daily Archives: June 2, 2018

ඉඩම් ලබා දෙයි

ආපදා තත්ත්වය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබා දීම සිදු කරන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පවසයි. ආපදාවට ලක්වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නිර්දේශ මත සුදුස්සන් තෝරා ගැනේ. ඔවුන්ගේ නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්දේශ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඉදිරිපත් කෙරේ.

Read More »

ජූලි සිට ගාස්තු ඉහළට

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන අයය කරන ගාස්තු ජුලි 01 වැනිදා සිට සංශෝධනය වන බව පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයය පවසයි. එහි සභාපති මල් ශ්‍රී ද සිල්වා කියා සිටින්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට තීරණය කළ බවයි. එය දෙමව්පියයන්ගේ එකගත්වය මත සිදු කරන බව ඔහු කියා සිටී.

Read More »

කාන්තාවන් දෙදෙනෙකු මරා දමයි

අද උදෑසන කොස්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. එසේ මරා දමා ඇත්තේ 34 හැවිරිදි කාන්තාවක් සහ 78 වියැති ඇයගේ මව බවා වාර්තා වේ. මුදල් ආරවුලක් මත 34 හැවිරිදි කාන්තාවගේ මාමණ්ඩිය විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇත.

Read More »

තවත් මිලියන 252ක් දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වැනි ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වී තිබේ. අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහායය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි වාරිකය ලෙසින් එය ලබා දේ. රාජ්‍ය මූල්‍ය අවදානම පහත හෙළීම සඳහා ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව …

Read More »

ජය පරාජයෙන් තොරයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සමග පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් දින පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා ලකුණු 428ක් ද දෙවැනි ඉනිමේදී කිසිවෙකු හෝ නොදැවී ලකුණු 135ක් ද රැස් කළේය. කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා ලකුණු 272ක් ලබා ගත්තේය.

Read More »

නියෝජ්‍ය කථානායක 05 වැනිදා

නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කර ගැනීම ජුනි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන බව කථානායක කරු ජයසූරිය කියා සිටී. අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඡන්දයක් පවත්වන බවද ඔහු පවසයි. තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායක ධූරයෙන් මැයි 25 වැනිදා ඉල්ලා අස් විය.

Read More »

1,800ක් තවමත් අවතැන්

දිස්ත‍්‍රික්ක රැසකට බල පෑ ගං වතුර තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතත් දිස්ත‍්‍රික්ක හතක පවුල් 540කට අයත් 1,853 දෙනෙකු තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම පිරිස ආරක්ෂිත ස්ථාන 32ක රඳවා ඇත. ප‍්‍රධාන ගංගා සියල්ලෙහි ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත්, පහත් බිම් තවමත් ජලයෙන් යට වී ඇත. තද වැසිත් සමග දියෙහි ගිලීමෙන්, අකුණු …

Read More »

මරණ සංඛ්‍යාව 14යි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය වැළඳීමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා වැඩි වී තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාස අටක පිරිමි දරුවෙකු මැයි 30 වැනිදා මිය ගියේය. මැයි 01 වැනිදා සිට 31 වැනිදා දක්වා අතර කාලයේදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ හා ළමා වාට්ටුවල ප‍්‍රතිකාර ලබමින් සිටි …

Read More »

උපදෙස් ඉල්ලයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැළූ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් නීතිපති ජයන්ත ජයසුරියගෙන් උපදෙස් ඉල්ලූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසයි. අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල ලබා ගත් 118 දෙනෙකු සිටින බවට වාර්තා පළව ඇති අතර, ඔවුන්ගේ නම් හෙළි කරන්නැයි බලපෑම් එල්ල වෙමින් තිබේ. එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇත.

Read More »

බිත්තර වී නොමිලේ

කාබනික වී වගාවේ නිරත ගොවීන්ට අවශ්‍ය බිත්තර වී මෙම මාස් කන්නයේ සිට නොමිලේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඊට අමතරව, අවශ්‍ය වන යන්ත‍්‍ර සූත‍්‍ර පහසුවෙන් ලබාදීම ද සිදු කරන බව ඇමති මහින්ද අමරවීර කියා සිටී. වස විසෙන් තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම ඒකාබද්ධ වැඩසටහනක් දැන් කි‍්‍රයාත්මකයි. කාබනික වගාවේ නිරත ගොවීන් සංඛ්‍යාව පසුගිය වසර අවසානය වන විට 5,000 දක්වා ඉහළ …

Read More »