Breaking News
Home » 2018 » June » 01

Daily Archives: June 1, 2018

මහවැලි ජනපදිකයින්ට ඉඩම් හිමිකම

මේ වසර අවසන් වන විට සියලුම මහවැලි ජනපදික ගොවි ජනතාවට ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ භූක්ති විඳින ඉඩම් කොටස්වල නීත්‍යානුකූල අයිතිය පවරා දෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි. මහවැලි ජනපදිකයින් 12,083 දෙනෙකුට ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම අද අරලගංවිලදී පැවති අවස්ථාව අමතමින් ඔහු ඒ බව කීය. මේ වසරේදී අවසර පත‍්‍ර, ප‍්‍රදාන පත‍්‍ර හා දිගුකාලීන බදුකර යටතේ තවත් ඉඩම් ඔප්පු 40,000 ක් …

Read More »

31 දෙනෙක් සසුන් ගත වෙති

මීට 31 වසරකට පෙර එල්ටීටීඊ ත‍්‍රස්තවාදින් අරන්තලාවේදී හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් සහ සාමනේර හිමිවරු 31 නමක ඝාතනය කිරීම සිහි කරමින් අද අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේදී කුල දරුවන් 31 දෙනෙකු සසුන්ගත කිරීම සිදු විය. නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක තලාගංගොඩ ධම්මරතන හිමියන් සහ සබරගමුව පළාතේ ප‍්‍රධාන සංඝනායක ඉන්ද්‍රරතන නාහිමියන් ගේ ප‍්‍රධානත්වයෙන් එය පවත්වනු ලැබීය.

Read More »

දුම්රිය මග ආරක්ෂිත කරයි

බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වඩාත් ආරක්ෂිතව සකස් කිරීමට යයි. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලක් ඉදිරි මාස හයේදී ආරම්භ කෙරෙන බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර කියා සිටී. බදුල්ල දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු ඒ බව පැවසීය. රඹුක්කන සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන අනාරක්ෂිත බවත්, ඇතැම් ස්ථාන නාය යෑමේ හා වෙනත් අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් භූ …

Read More »

අධිකරණ නියෝගයක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක කුරුඳුවත්ත පොලීසියට නියෝග කරයි. අපේ‍්‍රල් 06 වැනිදා කොළඹ ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී කාන්තාවකට බැණ තර්ජනය කිරීමට සහ පහරදීමට තැත් කළ බවට එම දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, අද විභාගයට පෙනී සිටින්නැයි සැකකාරියන් …

Read More »

කොළඹට නව සිතියමක්

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අලූතින් සකස් කළ කොළඔ නගරයේ නව සිතියම ඊයේ එළිදක්වනු ලැබීය. නාරාහේපිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකදී මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත විසින් ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලකට එය භාර දුන්නේය. කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියමට අනුව කොළඔ නගරයේ වර්ග ප‍්‍රමාණය වර්ග හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇත. ශ‍්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී …

Read More »

කිසිසේත්ම නුසුදුසුයි – ජනපති

අධිකරණ ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ දේශපාලකයින් පසුපස යන පසුබිමක් නිර්මාණය වීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටී. ඊයේ පැවති වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව අමතමින් ඔහු පැවසූයේ, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවයි. අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව සියලුම ක්ෂේත්‍රවල තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක රාජකාරී කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම …

Read More »

පැය 12ක් ජලය නැහැ

ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. රාත්‍රි 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා එසේ ජල සැපයුම අත්හිටුවන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ හා ජා ඇල ප්‍රදේශීය සභා බලප්‍රදේශ මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම පෑලියගොඩ, වත්තල, …

Read More »