Breaking News
Home » 2018 » June

Monthly Archives: June 2018

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි. කොළඹ අවට හා පිට පළාත්වල පවත්වාගෙන යන බොහෝ ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව හෙතෙම කියා සිටී. ඖෂධ අමුද්‍රව්‍ය බිම දමා තිබීම නිසා දුහුවිලි බැඳීමෙන් ඒවයේ ගුණාත්මකභාවය පහත වැටෙන අතර සෞඛ්‍යයට ද අහිතකර බව ඔහු පවසයි.

Read More »

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, ඇෆ්ගනිස්තානය, සිරියාව, සවුදි අරාබිය යන රටවල්ද කාන්තාවන් සඳහා භයානක රටවල් වේ. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතික සම්ප‍්‍රදාය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් ජාවාරම් යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Read More »

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ජපානය ඊයේ සමත් විය. එම වටයට තේරී පත් වූ එකම ආසියාතික රට වන්නේ ජපානයයි. කෙසේ වෙතත්, පෝලන්තයට එරෙහිව පැවති තරගය ගෝල 1-0 ලෙස ජපානය පරාජය විය. මේ අතර, කොලොම්බියාව සමග පැවති තරගයෙන් ගෝල 1-0 ලෙසින් ජය …

Read More »

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සිසුවෙකු ඊයේ සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබේ. පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකු ද එම ප‍්‍රහාරකයින් අතර සිටින බව වාර්තා වේ. රගර් කී‍්‍රඩා පුහුණුවීම් අතරතුර අනතුරක් සිදු වූ බව පවසමින් ඔහු රෝහලට ඇතුලත් වී ඇත.

Read More »

පළාත් කිහිපයකට වැසි

සබරගමුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වලත් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකිය.

Read More »

ට‍්‍රම්ප්-පුටින් හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ජුලි 16 වැනිදා ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි හිදී පැවැත්වීමට යයි. දෙරට අතර පවතින සබඳතා හා ආරක්ෂක ගැටළු පිළිබඳව එහිදී අවධානය යොමු වනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා පුටින් අතර පෙරේදා පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ තිබේ.

Read More »

දීඝවාපි පොසොන් කලාපය දෙවැනි දිනටත්

ජාතික පොසොන් උත්සවයට සමගාමීව දයා සරණ සංවර්ධන පදනම හා දීඝවාපි ප‍්‍රතිසංස්කරණ සභාව වාර්ෂිකව සංවිධානය කරන දීඝවාපි පොසොන් කලාපය මෙවර දෙවැනි දිනටත් ඊයේ දීඝවාපි පුදබිමේදී පැවැත්වින. එහි ඉදි කර තිබෙන ‘රාජෝවාද ජාතකය’ කතාව රැගත් තොරණ ඇමති දයා ගමගේ සහ නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. ළමා සැණකෙළියක් හා බත් දන්සලක් ද දීඝවාපි පුදබිමේ පැවැත්වේ. අම්පාර දිස්ත‍්‍රික්කයේ දරු …

Read More »

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ මැතිවරණ කටයුතුවලට වියදම් කර ඇති බවට වන චෝදනාව පිළිබඳව සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි දූෂණ විරෝධී හඬ ඉල්ලා සිටී. එම සංවිධානයේ උපදේශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ පවසන්නේ, නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව මත එය සිදු කළ …

Read More »

ලක්ෂ 2,000ක් වෙන් කෙරේ

රත්නපුර, මාතර, මහනුවර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල ස්ථාන රැසක් නිතරම පාහේ නාය යෑමෙන් වළක්වා ගැනීම සඳහා නාය ස්ථාවර කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය රුපියල් ලක්ෂ 2,000ක ප‍්‍රතිපාදන වෙන් කරයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පවසන්නේ, එම දිස්ත‍්‍රික්කවල හඳුනාගත් ස්ථානවල නාය යෑම වළක්වා ගැනීමේ ව්‍යාපෘති ලබන පෙබරවාරි මාසයට පෙර ක‍්‍රියාත්මක කරන බවය. මුලින්ම, ගාල්ල, නෙළුව ලංකාගම විද්‍යාලයේ නාය යන භූමිය ස්ථාවර කිරීමට රුපියල් ලක්ෂ …

Read More »

‘විධිමත් පරීක්ෂණයක් ඔ්නෑ’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමති සරත් ෆොන්සේකා පවසයි. ඊයේ මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය. හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනය මුදල් ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවා ඉතා පැහැදිළිව පෙන්වා දී ඇති බව හෙතෙම පවසා සිටියේය. විදේශයන්හි සිටින ව්‍යාපාරිකයින් සහ මහා පරිමාණ ගණුදෙනුකරුවන් …

Read More »