Breaking News
Home » 2018 » March » 30

Daily Archives: March 30, 2018

ඉඩම් ඔප්පු බෙදා දෙයි

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1,053ක් බෙදා දීම අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වින. තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප‍්‍රදේශවල ගොවීන් වෙනුවෙන් එම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු විය. ගොවි ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ භුක්ති විඳින ඉඩම් කොටස්වල නීත්‍යානුකූල අයිතිය ලබා දෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ එය සිදු කෙරින.

Read More »

සාම්ප‍්‍රදායික වගා බිම්වලට හානියක් නැහැ

තාක්ෂණික නගර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට නියමිත ප‍්‍රදේශයේ තිබෙන සාම්ප‍්‍රදායික වගා බිම්වලට එම ව්‍යාපෘතියෙන් කිසිදු හානියක් සිදු නොවන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මගින් සාම්ප‍්‍රදායික ක‍්‍රම භාවිතා කරන ගොවින්ට නව තාක්ෂණ උපකරණ හරහා තම වගා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න කියා සිටී. ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

Read More »

ජාතික මදුරු මර්දන සතියක්

අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශ මෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව දිවයින පුරා ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට යයි. එය අපේ‍්‍රල් 03 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. නිරිතදිග මෝසම් වර්ෂාව සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතියි. මදුරු මර්දන සතියේදී පාසල්, කාර්යාල හා අධ්‍යාපන ආයතන පරිශ‍්‍ර පිරිසිදු කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරනු ඇත.

Read More »

බලපත් එකම ස්ථානයකින්

ඉදි කිරීම් ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබා ගැනීමේ බලපත‍්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. මෙම ක්ෂේත‍්‍රයේ පවතින අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබඳ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවක් අමතමින් ඔහු එම උපදෙස් ලබා දුන්නේය. ගල්, වැලි සහ පස් ලබා ගැනීමේදී ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සිදු කරන අක‍්‍රමිකතා මැඩලීමට රජය පසුගිය කාලයේ …

Read More »

රුසියාවෙන් 60ක් පිටුවහල් කරයි

ඇමෙරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරීන් 60 දෙනෙකු සිය රටින් පිටුවහල් කිරීමට රුසියාව නියෝග කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, සාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ද රුසියානු රජය තීරණය කර ඇති බවයි. රුසියානු රාජතාන්ත‍්‍රික නිලධාරීන් 60 දෙනෙකු පිටුවහල් කිරීමට පසුගිය සතියේදී ඇමෙරිකාව කටයුතු කිරීමට එරෙහිව රුසියාව් මෙම තීරණය ගෙන ඇත.

Read More »

ජනපතිගේ එකගත්වය

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එකඟ වෙයි. ඇමති රාජිත සේනාරත්නගේ නිවසේදී ඊයේ රාත‍්‍රි ඔවුන් දෙදෙනා අතර පැවති පැය තුනක පමණ සාකච්ජාවකින් පසුව මෙම එකඟත්වය පළව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. වසර 2020 වන තුරු ආණ්ඩුව ගැටලූවකින් තොරව පවත්වාගෙන යෑමට එහිදී එකඟ වී තිබේ. මේ අතර, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය …

Read More »

නැවතත් වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නැවත වරක් වරෙන්තු නිකුත් කළේය. මේ අතර, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක කසුන් පලිසේන දෙදෙනා අපේ‍්‍රල් 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

Read More »

නෝට්ටු හුවමාරු කිරීම තවදුරටත්

විකෘති කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. විකෘති කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී ජනතාව මුහුණ දෙන අපහසුතා හා ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත. එම සේවාව මාර්තු 31 වැනිදා අවසන් කිරීමට මුලින් නියමිතව තිබින. විකෘති කරන ලද මුදල් නෝට්ටු ශ‍්‍රී ලංකා මහ බැංකු ප‍්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, …

Read More »