Breaking News
Home » 2018 » March » 29

Daily Archives: March 29, 2018

‘තීරණ ගත යුත්තේ සාමාජිකත්වයයි’

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බාහිර පාර්ශ්ව නොව පක්ෂ සාමාජිකත්වය බව ඇමති සරත් ෆොන්සේකා පවසයි. වත්තලදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව කීය. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට අගමැති ධූරයෙන් රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීමට බාහිර පාර්ශ්වයන්ට ඉඩ තැබිය නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.

Read More »

10 වසරක සැලැස්මක්

තිස් වසරක යුද්ධය හේතුවෙන් බිඳ වැටුණු උතුරු නැගෙනහිර පාසල් අධ්‍යාපනය නැවත ගොඩ නැංවීමට 10 වසරක සැලැස්මක් අනුව ක‍්‍රියා කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. ඊයේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය. ස්වෙච්ඡුා සහ කොන්ත‍්‍රාත් පදනම් යටතේ උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් 327 දෙනෙකුට ස්ථිර පත් වීම් ලිපි ප‍්‍රදානය කිරීම එහිදී සිදු විය. රටේ අධ්‍යාපන නවෝදයට උතුරු හා …

Read More »

තවත් සැකකරුවෙකු අල්ලයි

ඇවන්ට් ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයට අවශ්‍යව සිටි හිටපු කර්නල් විජේතුංග තිලකරත්න නමැත්තා සීදුව, ලියනගේමුල්ල පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පුද්ගලයා ඇවන්ට් ගාඞ් පාවෙන අවි ගබඩාව භාරව සිටි නිලධාරියෙකු බව පැවසේ.

Read More »

ලිට්‍රෝ ගෑස් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට

ලංකා ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබේ. එමෙන්ම, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි අනුබද්ධිත සමාගම් ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත.

Read More »

පරාජය කිරීමට ඒකමතික තීරණයක්

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. පක්ෂයේ කිසියම් නියෝජිතයින් කිසිවෙකු හෝ එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළහොත් එම පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරීමට ද එහිදී තීරණය කර ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ …

Read More »

මහනුවර ශී‍්‍රලපොපෙ සභිකයෙකු අල්ලයි

මහනුවර, දිගන ප‍්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන්කාරී වාතාවරණය ඇති කිරීමේ චෝදනා මත කුණ්ඩසාල ප‍්‍රදේශීය සභාවේ ශී‍්‍රලපොපෙ සභිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කර්යාලය පවසන්නේ, කුමාර මොහොට්ටිගේ සමන්ත පෙරේරා හෙවත් අරලිය සමන්ත නම් වන ඔහු ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ රාත‍්‍රි අත්අඩංගුවට ගත් බවයි. දිගන නගරයේ වෙළෙඳසැල්වලට සහ ආගමික ස්ථානවලට ගිනි තබා අලාභහානි සිදු කරමින් ජාතීන් අතර ප‍්‍රචණ්ඩත්වය හා වෛරය ඇති …

Read More »

ආරියසේන යූ ගමගේ මිය යයි

මෙරට මුල් පෙළේ විශේෂඥ ප‍්‍රජා වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මිය යයි. හැට පස් වැනි වියෙහි පසු වූ ඔහු කලක් රෝගාතුරව සිටියේය. කීර්තිමත් ලේඛකයෙකු මෙන්ම නිදහස් චින්තකයෙකු ලෙසද ඔහු ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය.

Read More »

දෙදෙනෙකු අත්අඩංගුවට

වසර 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ හටගත් කැරැල්ලකදී සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. කොළඹ බේස්ලයින් පාරේ පිහිටි බන්ධනාගාර කොමසාරිස් නිල නිවසේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, මෙම සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

පළමු ස්ථාන හයක්

පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන හයක් හිමි කරගෙන තිබේ. ඊයේ රාති‍්‍ර නිකුත් කළ විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුබසිංහ, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප‍්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීෂ ප‍්‍රතිභාත් පළමු ස්ථාන හයට තේරී ඇත. …

Read More »

සහනාධාරය සියළුම වගාවන්ට

පොහොර සහනාධාර මුදල් ප‍්‍රදානය කිරීම වෙනුවට සියළුම වගාවන් ආවරණය වන පරිදි අවශ්‍ය පොහොර සහනාධාර මිලකට ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වේ. ඒ අනුව, වී ගොවීන්ට එක් කන්නයක් සඳහා අක්කර පහක උපරිමයකට යටත්ව යූරියා, ටී.එස්.පී., එම්. ඕ.පී. යන පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 500ක මිලකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙනු ඇත. අනෙකුත් බෝග සඳහා පොහොර කිලෝ …

Read More »