Breaking News
Home » 2018 » March » 28

Daily Archives: March 28, 2018

මහ බැංකුව මුදල් අමාත්‍යංශයට

අගමැතිවරයා යටතේ පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ යටතේ තිබු සුරැකුම්පත් හා විනිමය කොමිසම ද යළිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පවරා දීම සිදු කර තිබේ.  

Read More »

‘අයිතිවාසිකම් අහිමි කිරීමක් නොවේ’

පසුගියදා මහනුවරදී හටගත් සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සහ වෙබ් අඩවි අත්හිටුවීමට ගත් පියවර මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. අවස්ථානුකූලව ගත යුතුව තිබූ එම තීරණය නිසා, රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වලක්වා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටී. එය ජාත්‍යන්තර සංවිධානවල පවා පැසසුමට ලක්වු බව ජනාධිපතිවරයා කියා සිටියේ, කොළඹදී පැවති ෆාතිමා කාන්තා …

Read More »

වසරක තරඟ තහනමක්

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ  ඕස්ටේ‍ලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඬේවිඞ් වෝනර් වසරක තරඟ තහනමක් පනවා තිබේ. වසර දෙකක කාලයක් ගත වනතුරු ඔවුන් දෙපළට කණ්ඩායමේ නායකත්වය දැරිය නොහැකි බව ද  ඕස්ටේ‍ලියානු ක‍්‍රිකට් ආයතනය පවසයි.   දකණු අප‍්‍රිකාව සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරඟයේදී ඔවුන් දෙදෙනා පන්දුව පළුදු කිරීමේ චොදනාවට ලක් විය. පන්දුව පළුදු කළ ක‍්‍රීඩකයා වූ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස …

Read More »

කළමනාකරණ සැලැස්ම ජනපතිට

වෙරළ කලාප සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබේ. වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය සකස් කර ඇත. එය වසර පහක කාලයක් සඳහා ක‍්‍රියාකාරී සැලැස්මක් ලෙස සකස් කර තිබේ.

Read More »

උතුරු කොරියානු නායකයා චීනයේ

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් චීනයේ දෙදින සංචාරයක යෙදුණු බවට දෙරටම තහවුරු කර සිටී. වසර 2011දී බලයට පැමිණීමෙන් පසුව ඔහු සිදු කළ පළමු විදේශ සංචාරය එය වේ. එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සමග සාර්ථක සාකච්ඡුා පැවැත්වූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. උතුරු කොරියානු නායකයා අපේ‍්‍රල් මාසයේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජායේ-ඉන් සහ මැයි මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් …

Read More »

මහජන අදහස් ලබා ගැනීමට යයි

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම හෙට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී එහි පළමු රැස්වීම පැවැත්වේ. සියලූ පළාත් නියෝජනය වන පරිදි මහජන අදහස් ලබා ගන්නා බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ කියා සිටී.

Read More »

සවස් කාලයේ වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත් සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

Read More »

අපේ‍්‍රල් 01 සිට භාවිතයට

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ස්ථාපිත කරනු ලබන පෙට් ස්කෑන් යන්ත‍්‍රය අපේ‍්‍රල් 01 වැනිදා සිට භාවිතයට ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී. එම යන්ත‍්‍රය පසුගිය දෙසැම්බර් 24 වැනිදා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් මෙරටට ගෙන්වනු ලැබීය. ජනතා ආධාර මත එය මිල දී ගනු ලැබූයේ රුපියල් මිලියන 202ක මුදලකටයි.

Read More »

මැයි පෙළපාලි 07 වැනිදා

ජාත්‍යන්තර මැයි දිනය යෙදෙන මැයි 01 වැනිදාට වෙසක් පොහොය දිනය ද යෙදී ඇති බැවින් එදින මැයි දින පෙළපාලි නොපැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. පෙළපාලි පැවැත්වීම මැයි 07 වැනිදා සිදු කෙරෙනු ඇත. ඒ අනුව, එදින රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙසින් ප‍්‍රකාශයට පත් කෙරේ.

Read More »