Breaking News
Home » 2018 » March » 27

Daily Archives: March 27, 2018

නව මාණ්ඩලික ප‍්‍රධානියෙක්

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ධුරයට මේජර් ජනරාල් දම්පත් ප‍්‍රනාන්දු පත් කර තිබේ. වහාම ක‍්‍රියාත්මක වන පරිදි යුද හමුදා මුලස්ථානය ඔහුගේ පත්වීම සිදු කර ඇත. වසර 1983 දී යුද හමුදාවට බැඳුණු ඔහු වසර 34 ක හමුදා සේවයක් සපුරා තිබේ.

Read More »

තීන්දුවක් ගැනීමට විශේෂඥ කමිටුවක්

ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. එහි සාමාජිකයින් නම් කර එවන ලෙසට ජනාධිපතිවරයා විසින් රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක සහ නවීන් දිසානායක යන ඇමතිවරුන්ට දැනුම් දී තිබේ. ඊට සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අංශවල විශේෂඥයින් නියෝජනය වනු ඇත.

Read More »

ශී‍්‍රලපොපෙ ආසන සංවිධායකගෙන් මැර ප‍්‍රහාරයක්

මොරටුව මහනගර සභාවේ එජාපෙ සභිකයෙකුට එල්ල වූ මැර ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් ශී‍්‍රලපොපෙ කටුකුරුන්ද ආසන සංවිධායකයා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාති‍්‍ර එගොඩඋයන පිහිටි තම නිවසේදී සභිකයා සහ ඔහුගේ සොහොයුරියක එසේ ප‍්‍රහාරයට ලක් විය. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාම රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.

Read More »

විශේෂ කාර්ය බලකායෙන් මෙහෙයුම්

ඉහළ යමින් තිබෙන අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව එහි ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පවසයි. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශේෂ කාර්ය බලකා සාමාජිකයින් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් රාජකාරි සඳහා යොදවා ඇත. එමෙන්ම, මාර්ග බාධක යොදා ගනිමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කරන බව ඔහු පවසයි

Read More »

සම්බන්ධීකරණය නැතිව හානිය ඉහළයි

මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වැනි ඒකාබද්ධව හා සම්බන්ධීකරණයක් සහිතව කි‍්‍රයාත්මක විය යුතු රාජ්‍ය ආයතන එසේ නොකිරීමෙන් සිදුව ඇති හානිය ඉතා ඉහළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්තිය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ පැවති උත්සවයකදී ඔහු ඒ බව පැවසීය.

Read More »

උදයංග ඩුබායි හිදී අල්ලයි

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපොලේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේදී ඊට මැදිහත් වී අයුතු ලාභයක් ලබා ගත් බවට ඔහු චෝදනාවට ලක්ව සිටී. ඔහු මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More »

කොළඹ වරායට තැනක්

ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරාය අතර 13 වැනි ස්ථානයට කොළඹ වරාය පත්ව තිබේ. මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව් වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ප‍්‍රධාන ගෝලීය කලාප හතකට අයත් වරාය පිළිබඳව මිනුම් දඬු හා නිර්දේශ සලකා බලා මෙම ශ්‍රේණිගත කිරීම සිදු කෙරේ.

Read More »

ධීවර අමාත්‍යංශයේ අවධානය

සංක‍්‍රමණික කිමිදුම්කරුවන් යොදාගෙන සිදු කරන ධීවර කර්මාන්තයේ දී අනුමත කරන ධීවර යාත‍්‍රා ගණන අවම කරන බව ධීවර අමාත්‍යංශය පවසයි. ඒ අනුව සියයට 50කින් සංක‍්‍රමණික කිමිදුම්කරුවන් යොදා ගන්නා ධීවර යාත‍්‍රා අවම කිරීමට නියමිතයි. සංක‍්‍රමණික කිමිදුම්කරුවන් යොදා ගනිමින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිදු කරන ධීවර කටයුතු පිළිබඳ සාකච්ඡුාවක් පසුගියදා අමාත්‍යංශයේ දී පැවැත්වින. වසර 2017 එවැනි බෝට්ටු 67ක් ද මේ වසරේදී බෝට්ටු 174ක් ඊට යොදවා …

Read More »

අද ප‍්‍රදේශ රැසකට වැසි

ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 75කට වැඩි වර්ෂාපතනයක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලටත් තද වැසි ඇති විය හැක. මේ අතර, බේරුවල සිට කොළඹ හරහා පුත්තලම දක්වා බස්නාහිර මුහුදු තීරයේ තද සුළං ඇති විය හැක.

Read More »

රාජ්‍ය සේවකයින්ට උපදෙසක්

දේශපාලන ලෝකයේ පවතින නාට්‍ය හා නාඩගම් පිළිබඳව අවධානය යොමු නොකර තම කාර්ය කැපවීමෙන් ඉටු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි. රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යෑම සඳහා සෑම අයෙකුම ඉහළම කැපවීමකින් කටයුතු කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කර සිටී. ඊයේ කොළඹදී පැවති රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීය. දේශපාලන, …

Read More »