Breaking News
Home » 2018 » March » 26

Daily Archives: March 26, 2018

බසයක් පෙරළී 20කට තුවාලයි

නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මාර්ගය අනතුරට ලක් වීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් කොටගල ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව දිඹුල පොලීසිය කියයි. පස්වරු 4.45 ට පමණ එම බස් රථය අධික වේගයෙන් ධාවනය වෙද්දී මාර්ගය හරහා පෙරළී ගොස් ඇත.

Read More »

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතර දුම්රිය මාර්ගයට විදුලි කණුවක් කඩා වැටීමෙන් සවස් වරුවේදී එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

Read More »

මහජන සේවාව බේදයෙන් තොරවයි

පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ දෙයෙන් තොරව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අවධාරණය කරයි. පොළොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය. යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා විනයෙන් සහ හික්මීමෙන් යුක්තව මන්තී‍්‍රවරුන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More »

ගැඹුරු මුහුදේ ගිල්වයි

යුද සමයේ ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ අටක් හා සහ කොටි සංවිධානය සතුව තිබු ‘වෙලින්’ නමැති නෞකාව අද මීගමුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කළ බව නාවික හමුදාව කියයි. ඒවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු වටිනා කොටස් ගලවා ඉවත් කරගෙන තිබේ. එම මෝටර් රථ වෙන්දේසි කළේ නම් ඒවා පාතාල සාමාජිකයින් හා අපරාධකරුවන් …

Read More »

ඇගලූම් අපනයන ආදායම යළිත් ඉහළට

රාජපක්ෂ පාලන සමයේ සියයට 32ක් වූ ඇගලූම් අපනයන ආදායම මේ වන විට සියයට 43ක් දක්වා යළිත් ඉහළ නංවාගෙන ඇතැයි ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි. රටේ ආදායමෙන් සියයට 54ක් මෙරට පැවති 800ක් වූ ඇගලූම් කම්හල්වලින් ලැබුනු බව පෙන්වා දෙන ඇමතිවරයා, මේ වන විට කම්හල් සංඛ්‍යාව 150 දක්වා අඩු වී තිබෙන බව කියා සිටී. අම්පාර, තිරුක්කෝවිල්හි ඉදි කළ සංගමන් ග‍්‍රාමම් උදා …

Read More »

ඝාතන සැකකරුවන් සොයා මෙහෙයුමක්

ප‍්‍රදේශ කිහිපයක සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් සොයා මෙහෙයුම් සිදු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලීසිය සිදු කරන විමර්ශනවලට සහාය වෙමින් මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති බව එම බලකාය කියා සිටී.

Read More »

සයිබීරියාවේ ගින්නකින් 48ක් මරුට

බටහිර සයිබිරියාවේ පිහිටි සාප්පු සංකීර්ණයක හට ගත් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු මරුමුවට පත්ව තිබේ. කෙමෙරොවා නමැති එම සාප්පු සංකීර්ණයේ ඇති වු ගින්නෙන් පසුව 64 දෙනෙකු ආගිය අතක් නොමැති බව වාර්තා වේ. ඔවුන්ගෙන් 41 දෙනෙකු දරුවන් බවත්, සොයාගත් මළසිරුරුවලින් නවයක් දරුවන්ගේ බවත් පැවසේ.

Read More »