Breaking News
Home » 2018 » March » 25

Daily Archives: March 25, 2018

ස්මිත්ට තරග තහනමක් හා දඩයක්

දකුණු අප‍්‍රිකාවට එරෙහි තුන් වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ටේ‍ලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට එක් තරග තහනමක් සහ තරග මුදල හා සමාන දඩයක් පැනවේ. ස්මිත් සහ උප නායක ඬේවිඞ් වෝනර් දෙදෙනා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇත. පන්දුවේ හැඩය වෙනස් කළ කැමරන් බැන්ක්රොෆ්ට් හට තරඟ මුදලින් සියයට 75 ක දඩයක් පැනවීමටත් සෘණ ලකුණු තුනක් ලබාදීමටත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය …

Read More »

යතුරු පැදි ගැටී තිදෙනෙකු මරුට

උඩුබද්දාව නගරය ආසන්නයේදී යතුරු පැදි දෙකක් එකිනෙක හා ගැටීමෙන් තරුණයින් තිදෙනෙකු මරුමුවට පත් වෙයි. අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරු පැදියක් හා තරුණයන් තිදෙනා ගමන් කරමින් සිටි යතුරු පැදිය ගැටී ඇත. ඉන් පසුව, තරුණයන් තිදෙනා ගමන් කරමින් සිටි යතුරු පැදිය මාර්ගය අසල පිහිටි ගසක හැපී තිබේ. බරපතල තුවාල ලැබූ තිදෙනා කුලියාපිටිය මූලික රෝහලේදී මිය ගොස් ඇත.

Read More »

පාරිභෝගික ගැටළු හඳුනා ගැනීමට

විදුලිය, ජලය හා ඛනිජ තෙල් පාරිභෝගිකයින්ගේ ගැටළු හඳුනා ගැනීමේ වැඩමුළු පැවැත්වීමට යයි. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, එම වැඩමුළු මේ සතියේදී ආරම්භ කරන බවයි.

Read More »

‘කූඹියෝ’ සම්මාන දිනයි

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේදී ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයට සම්මාන දෙකක් හිමි විය. ජනපි‍්‍රයම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත් එහි ප‍්‍රධාන චරිතය රග පෑ තුමිඳු දොඩංතැන්න ජනපි‍්‍රයම රංගන ශිල්පියාට හිමි සම්මානය ලබා ගත්තේය. අසංක දොඩංතැන්න නිෂ්පාදනය කළ ‘කූඹියෝ’ ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළේය. ජනපි‍්‍රයම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගත්තේ ‘දෙවනි ඉනිම’ වෙනුවෙන් නයනතාරා වික‍්‍රමාරච්චි යි. හොඳම නළුවා සහ නිලිය ලෙසින් …

Read More »

විදුලිය ඉල්ලුම ඉහළට

පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය දින කිහිපයේදීම දෛනික ඉල්ලූම ගිගා වොට් පැය 45ක් ඉක්මවීය. මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙසට අමාත්‍යංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

Read More »

පොල් වතු කළමනාකරණයට

මෙරට පිහිටි සියළුම පොල් වතු කළමනාකරණය සඳහා විශේෂ කණ්ඩායමක් පුහුණු කර ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය කියා සිටී. එහි සභාපති කපිල යකන්දාවල පවසන්නේ, ඒ යටතේ වැවිලි සවිය පුහුණු බලකාය 1,000ක් දක්වා මේ වසරේදී ඉහළ දමන බවයි.

Read More »

ආදර්ශ මාර්ග ධාවන පථ භාවිතයට

රියදුරන් පුහුණු කිරීම සඳහා ආදර්ශ මාර්ග ධාවන පථ යොදා ගැනීමට යයි. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, ප‍්‍රධාන මාර්ගවල එම කටයුත්ත සිදු කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගැනීම එහි අරමුණ බවයි. ඒ අනුව, පළමු ආදර්ශ මාර්ග ධාවන පථය බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබේ.

Read More »

’ශක්තිමත්ව මුහුණ දෙනවා’

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ශක්තිමත් ආණ්ඩුවක් මුහුණ දෙන බව මන්ත‍්‍රී රවී කරුණානායක පවසයි. ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කීය. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනා විහිළු සහගත තත්ත්වයට පත්ව ඇති බව ද හෙතෙම පැවසීය.

Read More »

පකිස්තානයට 3-0ක ජයක්

ශ‍්‍රී ලංකා සහ පකිස්තානු කාන්තා කණ්ඩායම් අතර පැවති එක් දින තරගාවලිය 3-0 ලෙසින් පකිස්තානය ජය ගනී. ඊයේ රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී පැවති තෙවැනි තරගයෙන් පකිස්තානයට ලකුණු 108 ක ජයක් හිමි විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම කඩුළු නවයක් දැවී ලකුණු 215 ක් ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා පිල පන්දුවාර 41.3 කදී ලකුණු 107 කට දැවී ගියේය.

Read More »

සංස්ථා මිලෙහි වෙනසක් නැහැ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව එහි සභාපති ධම්මික රණතුංග පවසයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා අයි. ඕ.සී. සමාගම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දැමීය.

Read More »