Breaking News
Home » 2018 » March » 24

Daily Archives: March 24, 2018

උපන් දිනයේදී අගමැතිට ආශිර්වාද

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පළ කිරීමේ ආගමික වැඩසටහනක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වින. අගමැතිවරයා එහිදී සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින්ගේ ආශීර්වාදය ලබා ගත්තේය. ඉන් පසුව උදෑසන තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වින. අගමැතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාදය පළ කිරීමේ වැඩසටහන් දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථානවල පැවති බව වාර්තා වේ.

Read More »

විභාග වංචා වැලැක්වීමට

විභාග ශාලාවලදී අක‍්‍රමිකතා සිදු වීම වැළැක්වීමට නව ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාග ශාලා සදහා අතිරේක ශාලාධිපතිවරයෙකු බැගින් පත් කරනු ඇත. එම නිලධාරියාගේ වගකීම වන්නේ, අපේක්ෂක අපේක්ෂිකාවන් මෙන්ම විභාග නිලධාරීන් ද අධීක්ෂණය කිරීමයි.

Read More »

නව ක‍්‍රමවේදයක්

විදෙස්ගතව සිටියදී මිය යන ශ‍්‍රී ලාංකිකයින්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදු කිරීමේදී සහාය වීමට නව ක‍්‍රමවේදයක් හඳුන්වා දෙයි. මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප‍්‍රකාශ, අනන්‍යතා ලේඛන හා අනෙකුත් ලියකියවිලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව එය හඳුන්වා දී තිබේ.

Read More »

රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාර්තු 28 වැනිදා බිංගිරිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. එහි තේමාව වන්නේ ‘දියුණු සිත සුව ගෙන දේ’ යන්නයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වේ. එමෙන්ම රාජ්‍ය වෙසක් සතිය අපේ‍්‍රල් 26 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Read More »

ඩෙංගු මර්දන වැඩසටහන්

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන්නැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් දෙයි. ඒ අනුව මේ වසරේ ප‍්‍රථම දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහන අපේ‍්‍රල් 03 වැනිදා සිට 09 දක්වා පැවැත්වෙනු ඇත. මේ වසරේදී ඩෙංගු රෝගීන් 13,000 දෙනෙකු පමණ වාර්තා වී ඇත.

Read More »

දහම් පාසල් විභාගය පැවැත්වේ

දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය අද ආරම්භ විය. හෙට දිනයේ ද පැවැත්වෙන මෙම විභාගයට දහම් පාසල් 7,500කින් සිසු සිසුවියන් 98,640 දෙනෙකු පෙනී සිටියි. ඔවුන්ගෙන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් ගණන 84 දෙනෙකු වේ. රට පුරා මධ්‍යස්ථාන 691කදී විභාගය පැවැත්වේ.

Read More »

පකිස්තානය සමග ගිවිසුම්

පකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ එරට අගමැති ෂහීද් ඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ඊයේ සවස ඉස්ලාමාබාද් නුවරදී සිදු විය. නායකයින් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡුාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබිණි.

Read More »

ඉන්ධන මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දැමූ බව එම සමාගම පවසයි. ලංකා අයි. ඕ.සී. සමාගම අලෙවි කරන පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 126ක් වන අතර ඞීසල් ලීටරයක මිල රුපියල් 100කි. සුපර් ඞීසල් සහ ඔක්ටේන් 95 …

Read More »

රන්ජන්ගේ අරමුණ

නීතිමය කටයුතුවලදි දුෂ්කරතාවට පත් වන ජනතාව වෙනුවෙන් හඬ නැගීම තම අරමුණ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි. ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කීය. නීති පද්ධතියේ සිදු වන පක්ෂග‍්‍රාහීත්වය සහ අක‍්‍රමිකතා නැති කිරීමට සියලූ දෙනා පෙළ ගැසිය යුතු බව ඔහු පැවසීය. ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අධිකරණයට වැඩියෙන්ම අපහාස කළ පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.

Read More »

ශ‍්‍රියා සරන් විවාහ වෙයි

ජනප‍්‍රිය දකුණු ඉන්දීය රංගන ශිල්පිනියක වන ශ‍්‍රියා සරන් මුම්බායි හිදී විවාහ දිවියට පිවිස ඇතැයි වාර්තා වේ. ඇය අත ගත්තේ තම රුසියානු ජාතික පෙම්වතා වූ ඇන්ඩ‍්‍රි කොස්ච්ව්ය. ශි‍්‍රයා 35 වැනි වියෙහි පසු වන අතර, ඇන්ඩි‍්‍ර 32 හැවිරිදි වේ. ඔවුන් දෙදෙනා අතර වසර හතරක පේ‍්‍රම සම්බන්ධයක් පැවතියේය.

Read More »