Breaking News
Home » 2018 » March » 22

Daily Archives: March 22, 2018

ජනපති පකිස්තානයට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද පකිස්තානය බලා පිටත්ව ගියේය.

Read More »

ප‍්‍රාදේශීය සභා ලේකම්ට පහර දෙයි

නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට මාර්ග කම්කරුවෙකු පහර දී තිබේ. නොදන්වා සේවයට නොපැමිණි එම කම්කරුවා සේවයෙන් පහ කර ඇති අතර, ඊට උරණ වූ කම්කරුවා පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. පහරදුන් පුද්ගලයා නිකවැරටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

ජනපති වහාම තහනම් කරයි

මුතුරාජවෙල අභය භූමියේ සිදු කෙරෙන ඉදි කිරීම්, ගොඩ කිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙයි. එහි ඉඩම් කොටස් ගොඩ කිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් කුමන හෝ අවසරයක් ලබා දී ඇත්නම් ඒ සියල්ල අහෝසි වනු ඇත. පරිසර විනාශයට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරිනට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දෙයි. ජනාධිපතිවරයා අද අළුයම මුතුරාජවෙල …

Read More »

තහනම ඉවත් කර නැහැ

ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. එම තහනම ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව උන්වහන්සේ කියා සිටිති. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ ඒ බව කීහ.

Read More »

පර්යේෂණ තුනකට ප‍්‍රතිපාදන

ප‍්‍රදේශ කිහිපයක පැතිර යමින් තිබෙන වකුගඩු රෝගය වළක්වාලීම සහ පානීය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම ඉලක්ක කරගත් පර්යේෂණ තුනක් සඳහා ප‍්‍රතිපාදන සපයා දී තිබෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක ජාතික පර්යේෂණ සභාව හරහා එම අරමුදල් සපයා දී ඇත. වකුගඩු රෝගයට හේතු වන රෝග නිධාන පිළිබඳව සහ වියළි කලාපයේ පානීය ජල ගැටළුවට තිරසර විසඳුමක් සඳහා ආදර්ශ …

Read More »

බංග්ලාදේශයෙන් වන්දි දෙයි

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ හානි වූ ක‍්‍රීඩක විවේකාගාරයේ දොර ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් 140,000ක් ලබා දෙයි. දොරට හානි සිදුව ඇත්තේ බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යෑමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් බවට ක‍්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයෙන් හෙළි විය. නිදහස් කුසලාන පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේ …

Read More »

සකර්බර්ග් සමාව ඉල්ලයි

ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 50කගේ දත්ත හැසිරවීමේදී සිදු වූ අතපසුවීම් හා වැරදි සම්බන්ධයෙන් ෆේස්බුක්් සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඊයේ සමාව ඉල්ලා සිටියේය. ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීමට සහ මෘදුකාංග සංවර්ධනය කරන්නන් අදාළ දත්තවලට ප‍්‍රවේශ සීමා කිරීම සඳහා දැඩි පියවර ගන්නා බවට හෙතෙම පොරොන්දු විය. ලන්ඩනයෙහි පිහිටි කේම්බි‍්‍රජ් ඇනලිටිකා නමැති සමාගම අනවසරයෙන් ෆේස්බුක් පරිශීලකයින් මිලියන 50කගේ දත්තවලට ප‍්‍රවේශ වූ බව …

Read More »

‘හැකි සෑම පියවරක්ම ගන්නවා’

සියලූ පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ‍්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව විදේශ ඇමති තිලක් මාරපන පවසයි. ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අමතමින් ඔහු ඒ බව පැවසීය. මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් හටගත් සිදුවීම් සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාර්ශ්ව කිහිපයක් එම ක‍්‍රියා සිදු කළේ මෙම කවුන්සිලයේදී ශ‍්‍රී …

Read More »

ජනපති මෙහෙයුම් කමිටුවක්

වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම සඳහා ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කෙරේ. එහි සභාපතිත්වය දරන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න යි. ඊට කෘෂිකර්ම, වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන ආයතන වල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද, විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් …

Read More »