Breaking News
Home » 2018 » March » 20

Daily Archives: March 20, 2018

ලේකම්වරයා ඉවත් කරයි

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ. අද උදෑසන රැස් වූ කොමිසමේ සාමාජිකයින් එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව, ඔහුගේ සේවය අවසන් කර ඇති බව ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛවලට අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සේවයේ යොදා නොගැනීම එම තීරණයට හේතුව ලෙසින් දක්වා ඇත.

Read More »

ප‍්‍රසන්න රණවීර රිමාන්ඩ්

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර අත්අඩංගුවට ගනු ලබවයි. මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මන්තී‍්‍රවරයා මාර්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read More »

තුන් වැනි චක‍්‍රය සම්මතයි

ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබේ. එහිදී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ කියා සිටියේ, ශ‍්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහාය දක්වන රටක් බවයි. මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය හෙට ලිඛිත යාවත්කාලීන වාර්තාවක් …

Read More »

ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ

ජා ඇල, ඒකල ප‍්‍රදේශයේ ඇගළුම් ආයතනයක සිදු වූ ගෑස් කාන්දුවකින් පසුව පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඊයේ සිට මෙම ගෑස් කාන්දුව සිදු වූ බව වාර්තා වේ. රෝගී වූ පිරිස ගම්පහ, ජා ඇල සහ රාගම යන රෝහල්වල ප‍්‍රතිකාර ලබයි.

Read More »

එජාපයෙන් කිසිදු සහායක් නැහැ

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාවට එජාපයේ මන්තී‍්‍රවරුන් කිසිවෙකු හෝ අත්සන් නොකරන බව ඇමති පී. හැරිසන් කියා සිටී. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් පවා ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවන බව ඔහු පවසයි. විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාර දුනහොත් ඒ පිළිබඳව විවාදයක් පවත්වා ඡන්ද විමසීමක් පැවැත්වීමට එජාපය ඕනෑම විටෙක සූදානම් බවද ඇමතිවරයා කියා සිටී.

Read More »

ජවිපෙන් සංශෝධනයක්

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන එන බව ජවිපෙ පවසයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඒ බව කීය. දේශපාලන අස්ථාවර තත්ත්ව ජනතාවට හිතකර තත්ත්වයකට පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාවට එවැනි බලගතු සංශෝධනයක් ගෙන එන බව හෙතෙම පැවසීය.

Read More »

ජුනි 26 සිට නඩුව විභාගයට

ඇවන්ට් ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු දෙදෙනාට එරෙහි නඩුව ජුනි 26 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඊයේ නියම කළේය. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සලසාදීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් ලබා දීම හා එම මුදල ලබා ගැනීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වේ.

Read More »

ශූරතාව ලාංකික කී‍්‍රඩිකාවන්ට

බී.එන්.පී. පරිබාස් කනිෂ්ඨ ෆෙඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. ශ‍්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක‍්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඔවුන් අතින් සිංගප්පූරුව පරාජයට පත් විය.

Read More »

අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුාවක්

මහනුවර සහ අම්පාර ප‍්‍රදේශවලදී පසුගියදා හටගත් සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති නීතිමය පියවර සහ එවැනි සිද්ධීන් ඇති වීම වලක්වා ගැනීම පිළිබඳව වන සාකච්ඡුාවක් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වින. ඊට ඇමතිවරුන්, මුස්ලිම් ජනතා නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් එක් විය. හානියට පත් දේපල වෙනුවෙන් වන්දි ගෙවීම හා දීර්ඝකාලීනව තිරසර සහජීවනය තහවුරු කරලීම පිළිබඳව ද එහිදී සාකච්ඡුා කර ඇත.

Read More »

ජනතාව හඳුනාගත යුතු පිරිස්

රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපතිවරයා පවසයි. ඊයේ යාපනය ශාන්ත ප‍්‍රැටික් විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීය. කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණියද ජනතාව විශ්වාසය …

Read More »