Breaking News
Home » 2018 » March » 19

Daily Archives: March 19, 2018

සාකච්ඡුා අසාර්ථකයි

වැඩ වර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අද පැවැත්වූ සාකච්ඡුාවක් අසාර්ථක වී තිබේ. බලධාරීන් තම ගැටළුවලට කිසිදු විසඳුමක් ලබා දීමට අපොහොසත් වූ බව අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ කියා සිටී.

Read More »

වීරවංශ, සමරවීර අල්ලන්න

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළේය. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 2016දී මෙරට කළ සංචාරයට විරෝධය පළ කරමින්, මහජන පීඩා ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ එම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය නඩු පවරා තිබේ. නමුත්, එම නඩුව අද …

Read More »

ලොරියක් පෙරලී හතකට තුවාලයි

හැටන්-නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල දී අද පෙරවරු 10.30ට පමණ කුඩා ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා කොටගල රජයේ දිස්ත‍්‍රික් රෝහලෙහි ප‍්‍රතිකාර ලබයි. බගවන්තලාවේ ඥාති නිවසක පැවති උපන්දින සාදයට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පතන ප‍්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් එම අනතුරට මුුහුණ පා ඇත. එම අවස්ථාවේ ලොරි රථයේ කුඩා ළමුන්ද ඇතුළුව 10 …

Read More »

හිටපු සභික භාර වෙයි

කොටගල ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩලයට බැන වැදී රාජ්‍ය දේපලවලට අලාභහානි සිදු කළ බවට චෝදනා ලැබ සිටින ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෙකු පොලිසියට භාර වෙයි. නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභික ආර්. මලර්වාසගම් අද උදෑසන එසේ දිඹුලපතන පොලීසියට භාර විය. මාර්තු 16 වැනිදා රාත‍්‍රි සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබු වතු කම්කරුවෙකුට කොටගල රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රතිකාර ලබා දීම ප‍්‍රමාද කළ බව …

Read More »

වෙඩි තැබීමකින් අයෙකු මරුට

කොළඹ, ආමර් වීදියේ මැසෙන්ජර් මංසන්ධියේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු මරුමුවට පත් වෙයි. ඔහු දෙමටගොඩ පදිංචිව සිටි 42 හැවිරිදි රාජ් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත. සිද්ධියේදී ඔහුගේ බිරිඳ ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නීය.

Read More »

සනත් නිශාන්ත රිමාන්ඩ්

පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනා මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඔවුන් දෙදෙනා අද හලාවත මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියට පමුණුවනු ලැබූයේ, ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. එම නඩුවේදී ඔවුන් දෙදෙනාට ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් …

Read More »

උපකුලපති වැඩි ඡන්දයෙන්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම පැවති පාලක සභා ඡන්ද විමසීමේදී වත්මන් උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. ඔහුට ඡන්ද 23ක් ලැබී ඇති අතර, මහාචාර්ය සමන් ධර්මරත්නට ඡන්ද හතක් ද, මහාචාර්ය අතුල සේනාරත්නට ඡන්ද හයක් ද ලැබී තිබේ. ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල පාලක සභාව මගින් සනාථ කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට යැවෙන අතර එම කොමිසම …

Read More »

ධීවර පවුල් ගැන සංගණනයක්

මෙරට වෙසෙන ධීවර පවුල් පිළිබඳ සංගණනයක් මේ වසරේදී සිදු කරන බව ධීවර අමාත්‍යංශය පවසයි. අවසන් වරට මෙරට ධීවර සංගණනයක් සිදු කර ඇත්තේ 1976 වසරේදීය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව ධීවර අමාත්‍යංශය විසින් මෙම සංගණනය සිදු කිරිමට නියමිතය.

Read More »

පුටින් නැවතත් ජනපති ධූරයට

රුසියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් සිව් වැනි වරටත් ලෙස තේරීපත් වෙයි. ඔහු සියයට 73.9ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගෙන ඇත. පුටින් තවත් වසර හයක් රුසියානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. ජනාධිපතිරවණය සඳහා අපේක්ෂකයින් හත් දෙනෙකු සහ එක් අපේක්ෂිකාවක ඉදිරිපත්ව සිටියේය.

Read More »

මහනුවර ආරක්ෂාව දිගටම

හදිසි නීති තත්ත්වය ඉවත් කළ ද මහනුවර ප‍්‍රදේශයට යොදවා ඇති අතිරේක පොලිස් හා හමුදා කණ්ඩායම් තවදුරටත් රඳවා තැබීමට රජය තීරණය කරයි. හදිසි නීති තත්ත්වය ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ අත්සන් තැබීය. පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදාව ද ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතු වල තවදුරටත් නිරත වෙයි.  

Read More »