Breaking News
Home » 2018 » March » 17

Daily Archives: March 17, 2018

පවුල් 52ක් ආරක්ෂිත ස්ථානයකට

නාය යෑමේ අවදානමක් නිසා බිබිල ප‍්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී. පැය කිහිපයකට එම පවුල් විහාරස්ථානයක රඳවා ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

Read More »

දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට

ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. එය සියයට 15ක ගාස්තු ඉහළ දැමීමක් වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියා සිටී. අවසන් වරට දුම්රිය ගාස්තු ඉහළ දැමූයේ 2008 වසරේදීය.

Read More »

එජාපයේ නව නිලධාරීන් මේ මාසයේදී

මේ මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කරන බව ඇමති සාගල රත්නායක පවසයි. පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ පත් කර ඇති කමිටු කිහිපයක නිර්දේශ සැලකිල්ලට ගනිමින් එය සිදු කරන බව ඔහු මාධ්‍යවේදීන්ට කියා ඇත.

Read More »

නැවතත් පාසල් නිල ඇඳුම්

වව්චර් පත් වෙනුවට නැවත පාසල් නිල ඇඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස පවසයි. දෙමාපියන්ගෙන් දිගින් දිගටම ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගෙන රජය එම පියවර ගන්නා බව ඔහු කියා සිටී. හම්බන්තොට පැවති උත්සවයකදී ඇමතිවරයා ඒ බව පැවසීය.

Read More »

පැමිණිලි කිරීමට වැඩපිළිවෙලක් ඔ්නෑ

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙහි පළ වන මතවාද සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇතැයි ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. මාතරදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව කීය. සමාජ මාධ්‍ය වාරණය කිරීම පළ රහිත ක‍්‍රියාවක් බව හෙතෙම පැවසීය.

Read More »

බංග්ලාදේශය අවසන් තරගයට

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියේ ඊයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති තරඟයෙන් කඩුළු දෙකක ජයක් ලබා ගනිමින් ඉන්දියාව සමග අවසන් තරගයට කී‍්‍රඩා කිරීමට බංගලාදේශය සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල කඩුළු හතක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තේය. පිළිතුරු ලෙසින් පන්දුවාර 19.5 කදී කඩුළු අටක් දැවී ලකුණු 160 ක් ලබා තරගය ජය ගැනීමට බංගලාදේශය සමත් විය. තරගයෙන් පසුව බංගලාදේශ …

Read More »

කාර්යක්ෂම අධිකරණය පද්ධතියකට

අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූදෙනා කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමට කැප වී කටයුතු කළ යුතු බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල පවසන්නීය. ඔවුන් නිසි පරිදි ක‍්‍රියා කළහොත් නඩු ප‍්‍රමාදය අවම කර ගැනිමට හැකි වන බව ඇය කියා සිටියේ, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක් අමතමිනි.

Read More »

ගෘහ සේවක අයිතිවාසිකම් සංශෝධනයට

ගෘහ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සඳහා නීති සංශෝධනයක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙයි. ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු නීති රීති ප‍්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. ඔවුන් අඩු වැටුපක් ලැබීම, නිවාඩු නොලැබීම සහ සමාජ ආරක්ෂණයක් නොලැබීම යන කරුණු එහිදී විශේෂයෙන් අවධානයට යොමුව තිබේ.

Read More »

ධීවරයින්ට විිදුලි ජනක යන්ත‍්‍ර තහනම්

තෝරාගත් ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත‍්‍ර රැගෙන යෑම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වේ. විදුලි ජනක යන්ත‍්‍ර භාවිතය මඟින් ඇතැම් පන්න ක‍්‍රම සඳහා දැඩි බලපෑමක් එල්ල කරන බවට සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇත. ඒ අනුව, යාන්ත‍්‍රික හා යාන්ති‍්‍රක නොවන පාරම්පරික බෝට්ටු, යාන්ත‍්‍රික නොවන මාදැල් බෝට්ටු, පිටත සවිකරණ ලද එන්ජින් සහිත ෆයිබර් බෝට්ටු සහ ඇතුළත එන්ජින් …

Read More »

දියවැඩියා උපකරණ මිල නියාමනයට

දියවැඩියා රෝගීන් භාවිතා කරන උපකරණවල මිළ ගණන් නියාමනය කිරීමට යයි. දියවැඩියා රෝගීන්ගේ රැධිර ගත සීනි ප‍්‍රමාණය පරික්ෂා කරන ග්ලූකෝස් තීරු සහ ග්ලූකෝස් උපකරණ එසේ නියාමනය කිරීමට නියමිතය. ග්ලූකෝස් තීරු 25 ක පැකට්ටුවක් රුපියල් 1500 සිට සහ ග්ලූකෝස් උපකරණයක මිල රුපියල් 2500 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරේ.

Read More »