Breaking News
Home » 2018 » March » 16

Daily Archives: March 16, 2018

උදයංගට විවෘත වරෙන්තු

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද විවෘත වරෙන්තු නිකුත් කළාය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එම විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවීම සඳහා ඉංග‍්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට නියෝග කර ඇත. මිග් යානා ගනුදෙණුවට අදාලව චෝදනා එල්ල වී ඇති …

Read More »

සිවාජිලිංගම්ට පොලිස් ඇප

මුලතිව් පොලිසියේ අත්අඩංගුවට පත් උතුරු පළාත් සභාවේ දෙජාස සභික එම්.කේ. සිවාජිලිංගම් ඊයේ සවස පොලිස් ඇප මත නිදහස් කර තිබේ. අපේ‍්‍රල් 02 වැනිදා මුලතිව් දිසා අධිකරණයේ පෙනී සිටින ලෙස මුලතිව් පොලීසිය දැනුම් දී ඇත. පෙබරවාරි 22 වැනිදා නාවික හමුදා කඳවුරක් ඉදිරිපිට ඉඩම් ඉල්ලා පිරිසක් උද්ඝෝෂණය කරමින් සිටි තැනට පැමිණි දිස්ත‍්‍රික් මිනින්දෝරුවරයාගේ හා ඉඩම් නිලධාරියාගේ රාජකාරියට බාධා කළ බවට සිවාජිලිංගම් සහ රවිහරන් …

Read More »

දරුවන් දෙදෙනෙකු වගා ළිඳට වැටේ

මන්නාරම් ඉරුප්පෙයිරුප්පකුලම් ගම්මානයේ වගා ළිඳකට වැටිමෙන් දරුවන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇත. ඔවුන් දෙදෙනා අවුරුදු පහක් හා අවුරුදු හතක් වයසැති දරුවන් දෙදෙනෙකු බව වාර්තා වේ.

Read More »

ගාල්ල ජල සැපයුම යථා තත්ත්වයට

ගාල්ල වක්වැල්ලේ ජල පවිත‍්‍රාගාරයේ හටගත් ගින්නකින් පසුව ඇන හිටි පානීය ජලය බෙදා දීමේ කටයුතු යථා තත්ත්වයට පත් කර ඇත. ගින්නෙන් ජල පොම්පාගාරයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදු වූ අතර, නගරවාසීන් 25,000කට පමණ ජලය සැපයීම සීමා විය. එහි පිළිසකර කටයුතු සිදු කිරීමෙන් පසුව දැන් ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියා සිටී.

Read More »

20 වැනිදා සංකේත වැඩ වැරුමක්

මාර්තු 20 වැනිදා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. කලක් තිස්සේ ඉදිරිපත් කරන තම ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කිරීමට එම පියවර ගන්නා බව එම බල මණ්ඩලය කියා සිටී. නව ස්ථාන මාරු ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීම, ප‍්‍රමාද වී ඇති උසස් වීම් කඩිනමින් ලබා දීම, නව වාහන බලපත‍්‍ර ලබාදීමේදී පරිපූරක වෛද්‍ය …

Read More »

ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කරයි

පසුගියදා පැවති පළාත් පාලන ආයතන 340ක් සඳහා වූ චන්ද විමසීමේදී තේරී පත් වූ සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කළ බව රජයේ මුදුණාලය පවසයි.

Read More »

මහල් නිවසක ගින්නක්

බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ පස් වැනි මහලේ නිවසක ඊයේ රාත‍්‍රි 8.45ට පමණ ගින්නක් හට ගත්තේය. එම අවස්ථාවේදී නිවැසියන් නොසිටි බව පොලිසිය කියා සිටී. ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති අතර නිවසෙහි එක් කාමරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. කොළඹ මහනගර සභා ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීය. ගින්න ඇති වීමට හේතුව සොයාගෙන නොමැත.

Read More »

‘රටට දැක්මක් නැහැ’

රටේ ව්‍යාකූලත්වයක් උද්ගත වීමට රටේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය වගකිව යුතු බව සර්වෝදය සංවිධානයේ සභාපති ඒ.ටී. ආරියරත්න පවසයි. මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කීය. පක්ෂ දේශපාලනය හේතුවෙන් ශ‍්‍රී ලංකාව දැක්මක් නොමැති රටක් බවට පත්ව ඇති බව ද හෙතෙම කීය.

Read More »

ගින්නෙන් ගාල්ල ජල සැපයුමට බාධා

ගාල්ල වක්වැල්ලේ ජල පවිත‍්‍රාගාරයේ හටගත් ගින්නකින් පසුව පානීය ජලය බෙදාදීමේ ගැටලූකාරී තත්ත්වයක් හටගෙන ඇත. ගාල්ල නගරයේ වෙසෙන 25,000කට අධික පාරිභෝගිකයින්ට ජලය සැපයීම ප‍්‍රශ්නයක් වී ඇත. කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහල, මහමෝදර මාතෘ රෝහල ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ගින්නෙන් ජල පොම්පාගාරයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදුව ඇත. එහි පිළිසකර කටයුතු දැන් සිදු …

Read More »

මහේන්ද‍්‍රන්ට වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඊයේ වරෙන්තුවක් නිකුත් කළාය. මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව පවත්වනු ලබන මහේස්ත‍්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන්නේ මහේන්ද්‍රන් ය. ඔහුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප‍්‍රකාරව කටයුතු නොකිරීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කර ඇත. එමෙන්ම, පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් …

Read More »