Breaking News
Home » 2018 » March » 15

Daily Archives: March 15, 2018

ජපානය සමග සෞඛ්‍ය ගිවිසුමක්

ජපානය හා ශ‍්‍රී ලංකාව අතර සෞඛ්‍ය සේවා ක‍්‍රියාවට නැංවීම පිළිබඳව නව ගිවිසුමකට අත්සන් තැබේ. ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ඊට අත්සන් තැබීම සිදු විය. ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සහ ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා එම ගිවිසුමට අත්සන් තැබූහ.

Read More »

ෆේස්බුක් අවහිරය ඉවතට

ෆෙස්බුක් වෙබ් අඩවිය වෙත පිවිසීමට තිබූ තාවකාලික අවහිරය ඉවත් කරමින් එය සකී‍්‍රය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කරයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු සහ ෆේස්බුක් ආයතනයේ නියෝජිත පිරිසක් අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡුාවකින් පසුව එම තීරණය ගෙන ඇත. එම සාකච්ඡුාවේදී එළැඹි තීරණ සහ එකඟතා පිළිබඳව ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා විමසා බැලීමෙන් අනතුරුව අදාළ …

Read More »

නව නීති රාමුවක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගණුදෙනු සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඉ-වාණිජ කටයුතු සම්බන්ධයෙන් මෙරට පවතින නීති රෙගුලාසි දුර්වල වීම හා නිසි නියාමනයක් නොතිබීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගනු ඇත. නව නීති රාමුවක් සකස් කිරීම සඳහා වන කතිකාවතක් අද සහ හෙට කොළඹදී පැවැත්වේ.

Read More »

ඉංග‍්‍රීසි දැනුම වැඩි දියුණුවට

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල දරු දැරියන්ගේ ඉංග‍්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කිරීම සඳහා නව පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි තුනක් අද හඳුන්වා දුන් බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි. මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේදී විෂය භාර ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එය සිදු විය. පාසල්වල ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි හඳුන්වා දී …

Read More »

නව පොලිස් ස්ථානයක්

කිලිනොච්චිය, අක්කරායන් ප‍්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීම ඊයේ සිදු විය. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ. අක්කරායන්හි පිහිටා තිබූ පොලිස් මුරපොල වෙනුවට මෙම පොලිස් ස්ථානය ස්ථාපිත කර ඇත.

Read More »

ටිපර් රථ සිව් දෙදෙනෙකුට මරු කැඳවයි

රිය අනතුරු දෙකකින් සිව් දෙනෙකු මරුමුවට පත්ව තිබේ. අද උදෑසන වැලිගම කප්පරතොටදී මෝටර් රථයක් හා වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෝටර් රථයෙහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. ටිපර් රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට තිබේ. මේ අතර, මීගමුව-මීරිගම ප‍්‍රධාන මාර්ගයේ පතිනිගොඩැල්ලේ දී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාවක සහ පිරිමියෙකු මිය …

Read More »

ඉන්දියාව අවසන් තරගයට

නිදහස් කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඊයේ බංගලාදේශය සමග පැවති තරඟයෙන් ජය ගත් ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුළු තුනක් දැවී ලකුණු 176ක් රැස් කළේය. රෝහිත් ෂර්මා පන්දු 61කදී ලකුණු 89ක් ලබා ගත්තේය. පිළිතුරු ලෙසින් බංගලාදේශ පිලට ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණි.

Read More »

පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 240 මීගමුව-කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද උදෑසන සිට වැඩ වර්ජනයක් සිදු කරයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ, කොන්දොස්තරවරයෙකුට සිදු වූ පහරදීමකට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇති බවයි.

Read More »

එඞ්නා සුගතපාල මිය යයි

චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක වූ එඞ්නා සුගතපාල කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ මිය ගියාය. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කළ ඇය දින කිහිපයක්ම සිහිසුන්ව සිට ඇත. ඇය 72 වැනි වියෙහි පසු වූවාය. ඇය රග පෑ චිත‍්‍රපට අතර සැනසුම කොතැනද, සූරයන්ගේ සූරයා, මිරිඟුව හා වීදුරු ගෙවල් ප‍්‍රධාන වේ.

Read More »

වී අස්වැන්න මිළ දී ගැනීමට සූදානම්

මහ කන්නයේ වී අස්වැන්න මිළ දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින වී ගබඩා 200 ක් සුදානමින් පවතින බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක පවසයි. රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 කටද සම්බා රුපියල් 41 කටද මිල දී ගන්නා බව ඔහු කියා සිටී. ගොවීන් වී රැගෙන පැමිණෙන ඕනෑම අවස්ථාවකදී මිල දී ගැනීමට සුදානමින් සිටින බව ද ඔහු …

Read More »