Breaking News
Home » 2018 » March » 13

Daily Archives: March 13, 2018

අපරාධ ස්ථානාධිපති අල්ලස් දැලේ

සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ලබා ගනිිද්දී පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියා සිටී. ඔහු කටුනායක පදිංචිකරුවෙකුගෙන් රුපියල් 25,000 ක් හා විදේශීය මත්පැන් බෝතලයක් ලබාගෙන ඇත්තේ, ඒ, එම පුද්ගලයා අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසි වන ලෙසින් කටයුතු කරන බව පවසමිනි.

Read More »

පාතාල සාමාජිකයෙකු අල්ලයි

පාතාල සාමාජිකයකු හා මත්කුඩු ජාවාරම්කරුවෙකු වන බැරල් සංඛ නමැත්තා අද අලූයම මත්කුඩු තොගයක් සමඟ පෑලියගොඩ මිරිස්වත්ත පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔහු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් වූ අයෙකු බව පොලිසිය කියා සිටී. පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.

Read More »

ළමුන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු කරන්න

සෑම ළමයෙකුටම දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. පාසල් ළමුන් ඇතැම් විනය විරෝධී ක‍්‍රියාවන්ට හා මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටින බව පෙන්වා දෙන එම අධිකාරිය, ඔවුන් ආරක්ෂා කර ගනිමින් යහමඟට ගැනීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙයි. තම ආගමට අදාළව දහම් අධ්‍යාපනය ලබාදීමෙන් ළමුන් අතර යහපත් හා ධනාත්මක ආකල්ප …

Read More »

රමිතගේ රියදුරු බලපත‍්‍රය අත්හිටුවයි

බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනාවන්ට ලක්ව සිටින මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල ඇප මත මුදා හැරේ. නාරාහේන්පිට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ, මාර්තු 09 වැනිදා නාවල ප‍්‍රදේශයේදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙනි. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය ඉදිරියට පමුණුවනු ලැබූ ඔහුට රුපියල් 500,000ක ශරීර ඇපයක් නියම වූ අතර, ඔහුගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු …

Read More »

ඌව වෙල්ලස්ස සරසවිය වැසේ

සිසු සිසුවියන් අතර පැපොල රෝගය පැතිර යෑම නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමූ බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර කියා සිටී. ඊයේ දිනයේදී සරසවි නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසු සිසුවියන් 27 දෙනෙකු වාර්තා වු බව ඔහු පවසයි.

Read More »

සොත්ති උපාලිගේ දුව කුඩු සමග අල්ලයි

ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලි ගේ වැඩිමහල් දියණිය හෙරොයින් පැකට් පහක් සමඟ බණ්ඩාරගම වැල්මිල්ල ප‍්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරගම පොලිසිය පවසන්නේ, උපාය දුතයකු යොදවා මත්කුඩු මිල දී ගැනීම සඳහා ඇයගේ නිවසට යවා සැකකාරිය අල්ලාගත් බවයි. ඇය පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වේ.

Read More »

ෆේස්බුක් පියවර ගනී

වෛරී සහ ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන සුළු ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කරන බව ෆේස්බුක් ආයතනය පවසයි. ශ‍්‍රී ලංකාවේ පනවා ඇති ෆෙස්බුක් අවහිරය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ෆෙස්බුක් ආයතනයේ තාක්ෂණික නිලධාරීන් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ පැවසුවේ, හදිසි නීතිය හා සමාජ ජාල වෙබ් අඩවි තහනම ඉතා කඩිනමින් ඉවත් කරන බවයි.

Read More »

සා/පෙළ ප‍්‍රතිඵල මාර්තු 28 වැනිදා

පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මාර්තු මස 28 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පිළිතුරු පත‍්‍ර ඇගයීම අවසන් කර ඇති අතර ප‍්‍රතිඵල සකස් කිරීම දැන් සිදු කෙරේ. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විභාගයට අපේක්ෂක අපේක්ෂිකාවන් 688,573 දෙනෙකු පෙනී සිටියේය.

Read More »

ධීවර බෝට්ටුවක් අතුරුදහන්

පවතින අයහපත් කාලගුණය නොතකා මුලතිව්හි නයාරු ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙනියේ පදිංචිව සිටි තිදෙනෙකි. ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගෙන ඇත. ඊයේ සහ අද මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

Read More »

ඉන්දියාවට ජය

නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරඟය කඩුළු හයකින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. වර්ෂාවෙන් බාධා පැමිණි මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිල පන්දුවාර 19කදී කඩුළු නවයක් දැවී ලකුණු 152 ක් රැස් කළේය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුළු හතරක් දැවී ජයග‍්‍රාහී ඉලක්කයට ළගා විය.

Read More »