Breaking News
Home » 2018 » March » 12

Daily Archives: March 12, 2018

ධීවර කටයුතුවලින් වලකින්න

අද සහ හෙට දිනයේදී ධීවර කටයුතු සිදු කිරීමෙන් වලකින ලෙසටත් ධීවර හා නාවික ප‍්‍රජාවට ඉතා විමසිල්ලෙන් සිටින ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් පවතී. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි බලපෑම හේතුවෙන්, මන්නාරම සිට ගාල්ල …

Read More »

‘හදිසි නීතිය හැකි ඉක්මනින් ඉවත් කරනවා’

ප‍්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පැනවීමට සිදු වූ හදිසි නීති තත්ත්වය හැකි ඉක්මනින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි. විශ්ව විද්‍යාල සහ කර්මාන්තකරුවන් අතර අන්තර් සබඳතා ගොඩ නැංවීම වෙනුවෙන් අද තම අමාත්‍යංශයේ පැවති වැඩමුළුවක් අතරවාරයේ මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය. එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති වාරණය ද …

Read More »

සෞඛ්‍ය සේවාවට මූල්‍ය ප‍්‍රදාන

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානයේ ජයිකා අරමුදල මුල්‍ය ප‍්‍රදාන සිදු කර ඇත. ඉදිරි වසර පහේදී බෝ නොවන රෝග පාලනය කිරීම සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 200 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡුාවක් ඇමති රාජිත සේනාරත්න සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා …

Read More »

සීගිරිය සිංහ පාදය ගැන තවත් සාක්ෂි

සීගිරියේ සිදු කරන කැණීම්වලදී සිංහ පාදය සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි රාශියක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියා සිටී. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රශාන්ත ගුණවර්ධන කියා සිටින්නේ, සිංහ පාදය නිර්මාණය කිරීමේදී යොදා ගත් ගෘහ නිර්මාණ ශිල්පය සහ සීගිරි නගරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බවයි. එමෙන්ම, සීගිරි පර්වතය වටා දිවෙන දිය අගල ආශි‍්‍රතව සිදුකළ කැණීම්වලදී සිංහ රුවක් හමු වූ බව ද …

Read More »

රාජ්‍ය පර්යේෂණ වානිජ්‍යකරණය විය යුතුයි

රාජ්‍ය ආයතනවලට අනුබද්ධිතව කි‍්‍රයාත්මක පර්යේෂණ ආයතනවලින් සිදු කරන සොයා ගැනීම් වානිජ්‍යකරණය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ අවධාරණය කර සිටී. විශ්ව විද්‍යාල සහ කර්මාන්තකරුවන් අතර අන්තර් සබඳතා ගොඩ නැංවීම වෙනුවෙන් අද තම අමාත්‍යංශයේ පැවති වැඩමුළුවක් අමතමින් ඇමතිවරයා ඒ බව කීය. අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික‍්‍රමාරච්චි, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය …

Read More »

මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙකු අල්ලයි

මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප‍්‍රබල ගෝලයින් දෙදෙනෙකු ඊයේ වැලිගම දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටී. ඔවුන් සතුව තිබී අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සොයාගෙන ඇත. මේ අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු පොලීසියට දොස් පවරා ඇතැයි වාර්තා වේ.  

Read More »

චීන ජනපති ධූරයේ කාලසීමා ඉවතට

ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව ඉවත කරමින් අවශ්‍ය තරම් කාලයක් බලයේ සිටීමට හැකි වන පරිදි චීන කොමියුනිස්ට් පක්ෂය යෝජනාවක් සම්මත කර ගනී. මෙම ව්‍යවස්ථා වෙනසත් සමඟ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් තම ධුරයේ කටයුතු කිරීමේ අවස්ථාව උදා වෙි. එමගින්, මාවෝ සේතුංට පසුව චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ඔහු හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

Read More »

සේවක අයිතීන් වෙනුවෙන් පරීක්ෂණ

සේවකයින්ට හිමි අයිතීන් හා වරප‍්‍රසාද ලබා නොදෙන ආයතන පරීක්ෂා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම වඩාත් වේගවත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු යොදයි. සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක නොවන ආයතන හා සේවක අයිතින් ලබා නොදෙන ආයතන කම්කරු නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ඇත. සාමාන්‍යයෙන් වසරකට එසේ ආයතන 75,000ක් පමණ පරීක්ෂාවට ලක් කෙරේ. මේ වසරේ සිට එම සංඛ්‍යාව ආයතන 90,000ක් …

Read More »

ආපන ශාලාවකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයින් හත් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ අළුයම එල්ල වූ එම ප‍්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් විය. එම ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළෙඳසැලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනාගෙන තිබේ. ඊයේ සවස වන විට ආණමඩුව ව්‍යාපාරික සංගමය සහ ප‍්‍රදේශවාසීන් …

Read More »

චන්දිමාල්ට තරග දෙකක් අහිමියි

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ඉදිරි තරග දෙකක් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වෙයි. බංග්ලාදේශය සමග පැවති තරගයේ නියමිත කාලසීමාවේදී පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීමට ඔහු අපොහොසත් වීම ඊට හේතුවයි. ඔහු වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත

Read More »