Breaking News
Home » 2018 » March » 09

Daily Archives: March 9, 2018

තද වැසි හා සුළං

අද රාති‍්‍රයේදී සහ හෙට උදෑසන කාලයේදී ප‍්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, සහ කළුතර දිස්ත‍්‍රික්කවලටත් මිලිමීටර් 100ක පමණ වැසි අපේක්ෂා කෙරේ. දකුණු සහ නිරිතදිග මුහුදු ප‍්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක. පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර වේගයක සුළං තත්ත්වයක් ද පැවතිය හැකි …

Read More »

අද රාති‍්‍රයේත් ඇඳිරි නීතිය

මහනුවර මහ නගර සභා බලප‍්‍රදේශය හැරෙන්නට මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයේ අනෙකුත් ප‍්‍රදේශවලට අද රාත‍්‍රි 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. අද සවස කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

Read More »

එජාපය නගා සිටුවීමට වැඩපිළිවෙලක්

වසර 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට යයි. ඇමති වජිර අබේවර්ධන එය සකස් කර තිබේ. එජාපයේ සාමාජිකයින් සියළු දෙනාට සාධාරණයක් ඉටුවන අයුරින්, සියළු පාර්ශ්ව සමග සාකච්ඡුා කර ජයග‍්‍රාහී ගමනක් ආරම්භ කරමින් මාස තුනකදී පක්ෂය නගා සිටුවීමට පියවර ගනු ඇත.

Read More »

හෙද තරග විභාගය කල් යයි

හෙට දින දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. එම විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.  

Read More »

වන්දි ගෙවීමට ස්වාධීන ආයතනයක්

මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරීමට රජය තීරණය කර තිබේ. වන්දි ගෙවීමේ කාර්යාලය යනුවෙන් මෙම ආයතනය නම් කෙරේ.

Read More »

ඇමෙරිකානු, කොරියානු නායක හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුවක් මෙම මැයි මාසයේදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියානු නායකයා අදාළ ආරාධනය ඉදිරිපත් කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපතිවරය එය පිළිගෙන තිබේ. දෙදෙනා අතර හමුව සිදුවන ස්ථානය පිළිබඳව හෙළි කර නැතිමුත් එය කොරියානු අර්ධද්වීපයේදී සිදුවනු ඇතැයි පැවසේ. මෙම හමුව සිදු වන තෙක් න්‍යෂ්ථික මිසයිල අත්හදා …

Read More »

මන්ති‍්‍රට වෙඩි ප‍්‍රහාරයක්

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අමල් සිල්වා වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ගල්කිස්ස, කල්දේමුල්ල සිට ගොළුමඩම හංදිය දක්වා ඔහු ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාති‍්‍ර 8.50ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත. ඔහුගේ දකුණු දණහිස ආසන්නයට වෙඩි වැදි ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.  

Read More »

හානි වෙනුවෙන් වන්දි

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් සිදු වූ ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ඒ බව සඳහන් කර සිටියේය. එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.

Read More »

ඉන්දියාවට ජය

නිදහස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් බංග්ලාදේශය පරදවා කඩුළු හයක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු අටක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේය. පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුළු හතරක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය කරා ලගා විය. ශිකර් ධවාන් ලකුණු 55ක් ලබාගත්තේය.

Read More »

‘ලක් රජයට, ජනතාවට හැකියාව තිබෙනවා’

ශ‍්‍රී ලංකාව් වර්තමානයේ පවතින තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාව රජයට සහ ජනතාවට පවතින බවට චීන රජය විශ්වාසය පල කරයි. එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ගෙන් ෂුවෑන්ග් ඒ බව මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත. පවතින තත්වය පාලනය කිරීමට සහ සමාජ ස්ථාවරත්වය සහ වාර්ගික සහයෝගීතාව ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකා රජයට සහ එහි ජනතාවට හැකියාව පවතින බවට චීන රජය විශ්වාසය පළ කරන බව ඔහු …

Read More »