Breaking News
Home » 2018 » March » 08

Daily Archives: March 8, 2018

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10ක් අල්ලයි

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ නමැත්තා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් අද අළුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සමාජ මාධ්‍ය ජාලා හරහා කලහකාරී සිදුවීම් ක‍්‍රමන්ත‍්‍රණය කරමින් සිටියදී බව පොලිසිය කියා සිටී. පසුගිය දින හතරක කාලයේදී ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

කාන්තාවන්ට අනෝමාගෙන් ඉල්ලීමක්

තමන්ට සහජයෙන් උරුමව ඇති විශේෂ හැකියාව තේරුම් ගෙන ඉදිරිය වෙනුවෙන් නිසි පරිදි සැලසුම් කොට තම අනාගතය සාර්ථක කර ගන්නැයි නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නීය. කාන්තා දිනය නිමිත්තෙන් අද ලංකා ඉන්දීය තෙල් සමාගමේ කොළඹ කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් ඇය එම ඉල්ලීම ඉදිරිපත් කළාය. පිරිමින්ට නොමැති තම සුවිශේෂී හැකියාවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු නිසි ප‍්‍රයෝජන ලබා නොගන්නා බව ඇය පැවසුවාය. …

Read More »

රෝහලේ විදුලි සෝපානය මරු කැඳවයි

ගම්පහ දිස්ත‍්‍රික් රෝහලෙහි විදුලි සෝපානය අද සවස අක‍්‍රියව නැවතී තිබියදී ඉන් පිටතට බැසීමට තැත්කළ පුද්ගලයකු සිව් වැනි මහලින් බිමට වැටී මියගොස් ඇත. ඔහු 33 හැවිරිදි අයෙකු වේ. ඔහු තම බිරිඳ සමග සිය තුන් හැවිරිදි දරුවාට ප‍්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට පැමිණ තිබේ. මහල් අටකින් යුත් ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයක සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සිටියදී විදුලිය ඇණ හිටීමෙන් පස් වැනි මහල …

Read More »

කුසලධම්ම හිමි ආදාහනය සිදු කෙරේ

කොළඹ ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා රූපවාහිනියේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සවස කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ පරිශ‍්‍රයේදී රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව පැවැත්විණි. කළක් රෝගාතුරව පසු වූ උන්වහන්සේ අපවත් වන විට 54 වැනි වියෙහි පසු වූහ.

Read More »

යුද ටැංකිය තරුණියට මරු ගෙනේ

අම්පාර-ඉගිණියාගල මාර්ගයේ අම්පාර වැව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි 19 හැවිරිදි තරැණියක එම ස්ථානයේදීම මියගොස් තිබේ. එම යතුරු පැදිය යුද හමුදාවට අයත් යුද ටැංකියක් පසු කර යෑමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී ඇත. මිය ගිය තරුණිය බිමට වැටීමෙන් පසුව ඇයගේ හිද යුද ටැංකියට යට වී තිබේ. යතුරු පැදිය ධාවනය කල තරුණිය තුවාල ලබා අම්පාර …

Read More »

‘කඩිනමින් නීතිය ඉදිරියට ගෙන එන්න’

ද්වේෂ සහගත සාපරාධී ක‍්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බව යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් පවසයි. ඔවුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විවිධ ප‍්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක බවයි. ආගමික හා ජනවාර්ගික ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිවිපාක ශ‍්‍රී ලාංකිකයින් වඩාත් හොඳින් දන්නා බව ද යුරෝපා සංගමය කියා සිටී.

Read More »

පැය 24 ක‍්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්

රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ පැය 24 පුරා ක‍්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවයි. කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්හි නිරතවන හා සැලසුම් කරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හා ඒවා ක්ෂණිකව මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. එම …

Read More »

නීතිය හා සාමය මද්දුම බණ්ඩාරට

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමතිවරයා ද වේ. ඔහුගේ දිවුරුම් දීමේ අවස්ථාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද සහභාගී වූහ.  

Read More »

කොස් මල්ලීගේ හිස හමු වේ

කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නමැති යන අයගේ බවට හඳුනාගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස ඔහු ඝාතනය කර ඇති බව පොලිසිය කියා සිටී. පෙබරවාරි 16 වැනිදා එම ප‍්‍රදේශයේම සිදු වූ ඝාතනයකට මෙම තැනැත්තා සම්බන්ධ බවට ද අනාවරණය වී තිබේ.  

Read More »

මහජන ආරක්ෂාව තහවුරු කිරීමටයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම හා සමාජය ආරක්ෂා කිරීම වෙනුවෙන් තාවකාලිකව ඇතැම් සමාජ මාධ්‍ය අත්හිටුවීමට පියවර ගත් බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. ෆේස්බුක් ඇතුළු සමජ ජාලා සම්පූර්ණයෙන්ම නවතා දමා නොමැති බව හෙතෙම පැවසීය.

Read More »