Breaking News
Home » 2018 » March » 07

Daily Archives: March 7, 2018

‘අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා’

ජාතීන් අතර ගැටුම් සහ අසමඟිය වලක්වාලීම සඳහා අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. ගැටුම් පවතින ප‍්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ජනාධිපතිවරයා කියා සිටී. ඊයේ පැවති කුරුණෑගල දිස්ත‍්‍රික් කමිටු රැස්වීම අමතමින් ඔහු ඒ බව පැවසීය.

Read More »

හෙට සවස තෙක් මහනුවරට ඇඳිරි නීතිය

හදිසි අවස්ථා රෙගුලාසි ප‍්‍රකාරව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කොට ඇත. සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලූ දෙනාගෙන්ම රජය ඉල්ලා සිටින බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ. මේ වන විට පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් …

Read More »

අන්තර්ජාල වේගය සීමා කරයි

ප‍්‍රදේශ කිහිපයක අන්තර්ජාල වේගය අඩු කොට තිබේ. විදුලි සංදේශන නියාමන කොමිසම පවසන්නේ, මහනුවර ප‍්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි. ප‍්‍රදේශයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කරගෙන සමාජ ජාල සහ වෙබ් අඩවි හරහා බොරු ප‍්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනාගැනීමට මෙය සිදු කර ඇත. මුහුණු පොත ඇතුළු අන්තර් ජාලයේ සියළු සමාජ ජාල පරීක්ෂාවට ලක් කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම කියා …

Read More »

මහනුවරට යළිත් පොලිස් ඇඳිරි නීතිය

වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ, නැවත දැනුම් දෙන තුරු එම ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි. පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ වන විට පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, විශේෂ කාර්ය …

Read More »

සියලූ ජාතීන්ගේ විනාශයට හේතුවක්

ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලූ ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ. තෙල්දෙණිය හා දිගන ආශ‍්‍රිතව ඇතිවී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම පිණිස ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡුා කිරීම පිණිස ආගමික නායකයින්ගේ හා දේශපාලකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ …

Read More »

බොරැල්ලට අමතර මංතීරුවක්

රාජගිරිය ගුවන් පාලම යට සේවා මාර්ගවලට සමගාමීව අතුරු මාර්ගයන්හි සිදු කෙරෙන ඉදි කිරීම් හේතුවෙන් හෙට සිට උදෑසන කාලයේදී බොරැල්ල දෙසට අමතර මංතීරුවක් ක‍්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි. සෑම කාර්යාල දිනයන්හිදීම උදෑසන 6.30 සිට උදෑසන 9.00 දක්වා මෙම අමතර මංතීරුව ක‍්‍රියාත්මක වනු ඇත.

Read More »

ලංකාවට කඩුළු පහක ජයක්

ඊයේ කොළඹ දී පැවති නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් කඩුළු පහක ජයක් ශ‍්‍රී ලංකාව ලබා ගත්තේය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුළු පහක් දැවී ලකුණු 174ක් රැුස් කළේය. ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුළු දෙකක් බිඳ හෙලීය. පිළිතුරු ලෙසින් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුළු පහක් දැවී …

Read More »

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කර තිබේ. ඊයේ රාත‍්‍රි 8.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත්තේ ප‍්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටී. ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය තවදුරටත් යොදවා ඇත. ඊයේ රාත‍්‍රී මැණික්හින්න ප‍්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුනු හත් දෙනෙකු ආරක්ෂක …

Read More »

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක්

රාගම සහ ගනේමුල්ල අතරදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වී ඇත. ඒ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

හමුදා සාමාජිකයින්ට නියෝග මාලාවක්

ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩ්ඉන් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡුායාරූප ඇතුළත් කිරීම යුද හමුදා සාමාජිකයින්ට තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක එම නියෝගය ලිපි මගින් සියලූම කඳවුරු වෙත යොමුකර ඇත. තව ද, ජාතික ආරක්ෂාව, යුදමය හා දේශපාලනික කරුණු, දේශපාලකයින්ට සහ රජයේ නිලධාරීන්ට අපහාස …

Read More »