Breaking News
Home » 2018 » March » 05

Daily Archives: March 5, 2018

මහනුවරට පොලිස් ඇඳිරි නීතිය

හෙට උදෑසන 6.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයේ පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. දිගන ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩපැවැත්වීමට අද දහවල් පොලිසිය කදුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කළේය. කලහාකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති අතර ඇඳිරි නීතිය ද ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු …

Read More »

සැකකරුවන් 51කට ඇප

පානීය ජල ව්‍යාපෘතියකට එරෙහිව තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 51 දෙනෙකුට ඇප ලබා දී තිබේ. අධිකරණ නියෝග කඩ කරමින්, නීති විරෝධී අයුතු ජන රාශියක නියැලෙමින්, මහජන සාමය කඩ වන අයුරින් ප‍්‍රධාන මාර්ගයක වාහන ගමනාගමනයට බාධා පමුණුවමින්, කලහකාරී ලෙස හැසිරෙමින්, තඹුත්තේගම පොලිසියේ දේපළවලට හානි කළ බවට ඔවුන් චෝදනා ලැබ සිටී.

Read More »

වරායේ වැඩ වර්ජනයක්

කොළඹ වරායේ සිට භාණ්ඩ ප‍්‍රවාහනය කරන බහාලුම් රථ රියදුරන් හා සහායකයින් වැඩ වර්ජනයක නියැලී සිටී. ආනයනික බහාලූම් පරීක්ෂණ කටයුතුවලදී සිදුවන ප‍්‍රමාදයට එරෙහිව තමන් විරෝධතාව දක්වන බව සමස්ත ලංකා පෞද්ගලික බහාලූම් ප‍්‍රවාහන සේවක සංගමය පවසයි. දිනකට බහාලූම් 1,500ක් පමණ වරායේ සිට පිටස්තර පරීක්ෂණ ස්ථාන කරා යොමු කෙරේ. එක් බහාලූමක් මුදා ගැනීමට පැය 12 ත් පැය 48ත් අතර කාලයක් ගතවන බව එම …

Read More »

හොඳම චිත‍්‍රපටය ‘දි ෂේප් ඔෆ් වෝටර්’

අනූ වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ‘දි ෂේප් ඔෆ් වෝටර්’ හිමි කර ගනී. එහි අධ්‍යක්ෂවරයා වන්නේ ගිලර්මෝ ඩෙල් ටොරෝ ය. ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රගහලේදී මෙම සම්මාන උළෙල පැවැත්වින. හොඳම නළුවාගේ සම්මානය ‘ඩාකස්ට් අවර්’ හි රග පෑම වෙනුවෙන් ගැරී ගෝල්ඩ්මාන් දිනා ගත් අතර, ෆ‍්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් හොඳම නිලිය ලෙසින් පිදුම් ලැබුවේ ‘තී‍්‍ර බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසෝරි’ හි …

Read More »

‘කිසිදු කප්පාදුවක් නැහැ’

සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හෝ මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා කියා සිටී. ඔහු නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ. ශ‍්‍රී ජයවර්ධනපුර හා මොරටුව විශ්ව විද්‍යාලවලට 2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවාගත් සියලූම සිසු සිසුවියන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වන විටත් ගෙවා ඇත. මේ වසරේදී අධ්‍යයන …

Read More »

ලංකාවෙන් තවත් ප‍්‍රගතියක්

ශ‍්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවම වීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරයි. එහි සඳහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවල සහ ඇමෙරිකාව වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙන් බවයි. වළක්වාගත හැකි මාතෘ හා ළදරු මරණ තුරන් කිරීමට ශ‍්‍රී …

Read More »

ඇරැව්වල නන්දිමිත‍්‍ර මිය යයි

රාජ්‍ය සම්මානලාභී ප‍්‍රවීණ සාහිත්‍යධරයෙකු වූ ඇරැව්වල නන්දිමිත‍්‍ර ඊයේ අභාවප‍්‍රාප්ත විය. ඔහු 79 වැනි වියෙහි පසු විය. කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරුණාවේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු රචනා කළේය. ඔහුගේ අවසන් කටයුතු මාර්තු 07 වැනි බදාදා පන්නිපිටිය ඇරැව්වලදී සිදු කෙරේ.

Read More »