Breaking News
Home » 2018 » March » 04

Daily Archives: March 4, 2018

වාර්තාව හෙට අගමැතිට

එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත භාර දීමට නියමිතය. රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මෙම කමිටුවේ සභාපතිත්වය දරයි. හරින් ප‍්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී පෙරේරා එහි සෙසු සාමාජිකයෝ වෙති.

Read More »

‘ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි’

අතුරුදන්වූවන්ගේ කාර්යාලය රණවිරුවන් දඩයම් කර ඔවුන්ට නීතිය මගින් කටයුතු කිරීමේ අරමුණින් පිහිටුවා ඇතැයි පැතිර යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ප‍්‍රචණ්ඩත්වය ඇති කළ වරදකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලයට හැකියාවක් නොමැති බවයි. විමර්ශන ආයතනයක භූමිකාව හැර එම කාර්යාලය උසාවියක් බඳු නීතිය පසිඳලීමේ හෝ අධිකරණ ආයතනයක් නොවන බව හෙතෙම කියා සිටී. අතුරුදන්වූවන්ගේ කාර්යාලය …

Read More »

වන්ධ්‍යාකරණ ඖෂධයක් නැහැ

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටී. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක‍්‍රමය ශල්‍යකර්මය බව ඔහු පවසයි.

Read More »

සහතික එකම ස්ථානයකින්

කොළඹ මහනගර සභාව නිකුත් කරන සහතික තෙදිනක් ඇතුලත එකම ස්ථානයකින් ලබාගත හැකි කවුළුවක් විවෘත කෙරේ. ජනතාවට කඩිනමින් සේවය සැලසීමේ අරමුණින් එම පියවර ගත් බව මහනගර සභාව කියා සිටී. වීථි රේඛා, හිමිකම් සහ නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම සහ එම සහතිකවලට අදාළ මුදල් ගෙවීම ද එක් කවුළුවකින් සිදු කරගත හැක.

Read More »

ගැසට් නිවේදනය 07 වැනිදා

පාසල්වල සිට මීටර් 100 කට අඩු දුරකදී දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අපේ‍්‍රල් 07 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට යයි. එදිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව මෙම තහනමද ක‍්‍රියාත්මක වනු ඇත. එමෙන්ම, අවුරුදු 21කට අඩු පුද්ගලයින්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගයකට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

Read More »

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව පියවර

රාජ්‍ය ආයතන ඉදිරිපිටට කසල බැහැර කරන එම ආයතනවල ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමති ෆයිසර් මුස්තාෆා පවසයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡුාවක් අමතමින් ඔහු ඒ බව කීය. මරදාන, මාලිගාවත්ත, ඛෙත්තාරම ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ගොඩ ගැසී ඇති කැළි කසල ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡුා විය.

Read More »

සැකකරු අල්ලයි

හලාවත, ඉරණවිල අවුරුදු නවයක පිරිමි දරුවකු අපයෝජනය කර මරා දැමූ බව කියන පුද්ගලයා මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටී. ගිරවුන් අල්ලා දීමට යැයි පවසමින් කැළයට දරුවා රැගෙන ගොස් අපයෝජනය කර මරා දමා ඇතැයි පොලිසිය පවසයි. ඔහු පොල් කැඩීමෙන් ජීවිකාව උපයන අයෙකු බව වාර්තා වේ.

Read More »

පාසල් කළමනාකරුවෙක්

ළමුන් 1,000කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරුන්ගේ පරිපාලන කටයුතු තවදුරටත් පහසු කිරීම සඳහා සඳහා කළමනාකරුවෙකු පත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදු කරන බව ද හෙතෙම පැවසීය.

Read More »

ධීවරයින්ට දැනුම් දීමක්

පවතින වර්ෂාධික කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවලදී විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දකුණේ ධීවරයින්ට දැනුම් දෙයි. ප‍්‍රදේශ රැසකට තද වැසි හා සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

Read More »

ෂකිබ් නිදහස් කුසලානයට නැහැ

මාර්තු 06 වැනිදා ඇරඹෙන නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර විස්සයි-20 තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන්ට අහිමි වෙයි. ඇඟිිල්ලේ ආබාධයක් හේතුවෙන් ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි- 20 තරගාවලියට ද සහභාගී නොවූයේය. එම ආබාධය තවමත් පූර්ණ ලෙස සුව නොවීම හේතුවෙන් ෂකිබ් බංග්ලාදේශ සංචිතයට ඇතුලත් කර නොමැත. මෙම තරගාවලියේදී මොහොමදුල්ලා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත.

Read More »