Breaking News
Home » 2018 » March » 03

Daily Archives: March 3, 2018

පස් පොඩ්ඩා අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ලව සිටින පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා ඇතුළු තිදෙනෙකු අද උඩුගම්පොල, කොටුගොඩ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියා සිටී. අනෙක් දෙදෙනා වැල්ලගොඩ ළහිරු නවෝද පෙරේරා නොහොත් අලයා සහ දිසානායක මුදියන්සේගේ ප‍්‍රදීප් සම්පත් නමැත්තා බවට හඳුනාගෙන ඇත. ඔවුන් සතුව තිබී ගිනි අවි තුනක් සහ උණ්ඩ පොලිස් භාරයට …

Read More »

කුසලධම්ම හිමි ආදාහනය බදාදා

අපවත් වී වදාළ කොළඹ ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මාර්තු 07 වැනි බදාදා පැවැත්වීමට තීරණය කර තිබේ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද අළුයම 5.20ට පමණ අපවත් වූහ. උන්වහන්සේ 54 වැනි වියෙහි පසු වූහ.

Read More »

ඔස්ලෝ සම්මුතියට අත්සන් තබයි

පොකුරු බෝම්බවලට එරෙහි ඔස්ලෝ සම්මුතියට ශ‍්‍රී ලංකාව අත්සන් තබා තිබේ. පසුගිය මාර්තු මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම එම එක්සත් ජාතීන්ගේ නෛතික ලියවිල්ල මගින් තහනම් වේ. ඊට අත්සන් තැබූ 103 වන රට වන්නේ ශ‍්‍රී ලංකාවයි.  

Read More »

අමාත්‍යංශයට භාර දේ

ආපදා කළමනාකරණ අමාත්‍යංශයට භාර දී ඇති ආපදා කළමනාකරණය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ආපදාවන්හිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ නිර්ණායක ඊට ඇතුලත් වන බවයි. එම සැලැස්ම සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන් සකස් කෙරෙමින් පවතී. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගනිමින් එය ක‍්‍රියාත්මක කෙරේ.

Read More »

යුරෝපයට දැඩි ශීත කාලගුණයක්

පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් යුරෝපා රටවල ජන ජීවිතය අඩාල වෙයි. අධික සීතල හේතුවෙන් පෝලන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 23කි. එංගලන්තය, අයර්ලන්තය, වේල්සය, බෙල්ජියම, ප‍්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ රාජ්‍යය සහ යුක්රේනය යන රටවල ප‍්‍රදේශ බොහොමයක් හිමෙන් වැසී ඇත. ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 15ක් ලෙසින් වාර්තා වේ. මධ්‍යධරණී සාගර කලාපය හරහා හමා යන එමා සුළි කුණාටුවෙහි …

Read More »

ඉදිරි සතියේදී රැස් වෙයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කාරක සභාව ඉදිරි සතියේදී රැස් වීමට නියමිතයි. අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එහිදී එළඹෙන පොදු එකඟතා මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.

Read More »

දරණාගම කුසලධම්ම හිමි අපවත් වෙති

කොළඹ ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අද අළුයම අපවත් වූහ. කලක් අසනීපව සිටි උන්වහන්සේ 54 වැනි වියෙහි පසු වූහ. උන්වහන්සේගේ අදාහන පූජෝත්සවය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව ආදාහන කමිටුව කියා සිටී.

Read More »

ළමා දුරකථන සේවය ශක්තිමත් කරයි

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාර ගැනීමට ස්ථාපිත කර ඇති ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනී. වසර 2010 දී ආරම්භ කරන ලද මෙම 1929 ශ‍්‍රී ලංකා ළමා දුරකථන සේවය දවසේ පැය 24 පුරා සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් ක‍්‍රියාත්මක වේ. ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් ඊට නොමිලේ ප‍්‍රවේශ වීමේ හැකියාව ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් …

Read More »

සති අන්ත විශේෂ දුම්රියක්

මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිම වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත. දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම දුම්රිය ධාවනයට යෙදවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

Read More »

පොලිස් ලොක්කන් යළිත් රිමාන්ඞ්

‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ලව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල දෙදෙනා මාර්තු 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඔවුන් දෙදෙනා ඊයේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කෙරිණ.

Read More »