Breaking News
Home » 2018 » March » 02

Daily Archives: March 2, 2018

ධාවනාගාර සේවක වර්ජනය අවසන්

තෙදිනක් තිස්සේ දෙමටගොඩ සහ මරදාන දුම්රිය ධාවනාගාර සේවකයින් පැවැත්වූ වැඩ වර්ජනය අද අවසන් විය. හිලව් නිවාඩු ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය පැවැත්වූ බව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහයක නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය. බලධාරීන් සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

Read More »

කොළඹ නාගරික කොමසාරිස් ඉවතට

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයක වාර්තාවට අනුව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර එම තනතුරෙන් ඉවත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන් කියා සිටී. මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර අදාළ විමර්ශනය සිදු කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදියි. වී.කේ.ඒ. අනුර බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත කරනු ඇතැයි වාර්තා වේ.

Read More »

ඇලෝසියස්, පලිසේන රිමාන්ඩ්

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනා මාර්තු 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ප‍්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔවුන් දෙදෙනා අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කරනු ලැබිය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ ප‍්‍රධාන සැකකරු වන අර්ජුන් මහේද්‍රන්ට මාර්තු 08 වැනිදා …

Read More »

ඒක පුද්ගල ණය 417,913යි

වසර 2016 අවසානයේ දී ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 417,913 ක් වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම මහජන ණය කළමනාකරණ වාර්තාව පවසයි. එම ණය ප‍්‍රමාණය 2015 වසර අවසානයේ දී සටහන් වූයේ රුපියල් 371,462 ක් ලෙසිනි. වසර 2005 අවසන් වන විට රුපියල් 108,908 ක් පැවති ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය වසර 11 කදී සිව් ගුණයකින් ඉහළ ගොස් …

Read More »

දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයේ

දෙමටගොඩ සහ මරදාන දුම්රිය ධාවනාගාර සේවකයින් තුන් වැනි දිනයටත් අද වැඩ වර්ජනයක නිරතව සිටී. තමන්ට හිමි හිලව් නිවාඩු ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහයක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.පී. උදයසිරි කියා සිටී. අද දිනයේදී විසඳුමක් නොලැබුණහොත් කොළඹ පිහිටි තවත් දුම්රිය ධාවනාගාර පහක සේවකයින් වැඩ වර්ජනයට එක් වන බව හෙතෙම පවසයි.

Read More »

උප කලාපීය කේන්ද‍්‍රයක් ලංකාවේ

දකුණු ආසියාතික කලාපයේ ප‍්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ. ස්වභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ඒවා ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ධාරිතාව ගොඩ නැංවීම එමගින් සිදු කරනු ඇත. එම කේන්ද්‍රය හරහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමක් කිරීමට ද හැකි වේ.

Read More »

සියයට 40 – 60ක ප‍්‍රමිති හානියක්

මෙරට පශ්චාත් මත්ස්‍ය ප‍්‍රමිති හානිය සියයට 40 සහ 60 අතර පවතින බව නාරා ආයතනය පැවැත්වූ අධ්‍යයනයකින් හෙළි වී ඇත. ධීවරයින් අල්ලා ගන්නා මසුන්ගෙන් එවැනි ප‍්‍රමාණයක් පරිභෝජනය සඳහා නුසුදුසු වන අතර, ඒවා කරවල සඳහා හෝ උචිත නොවන බව හෙළි වී තිබේ. මෙම පශ්චාත් මත්ස්‍ය ප‍්‍රමිති හානිය අවම කර ගැනීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගනිමින් සිටී. ඒ යටතේ …

Read More »

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති වන වෙනස්වීම්වලට අදාළව අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බව ඔහු පවසයි. මැදිරිගිරිය රෝහලේ නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව කීය. දිග්ගල්පුර ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කළ සංඝාවාසය සග සතු කොට පූජා කිරීම ද ඔහු සිදු කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, රට …

Read More »

ගොවින්ගේ සභාපති අත්අඩංගුවට

පෙබරවාරි 28 වැනිදා තඹුත්තේගම නගරයේ පැවති උද්ඝෝෂණය සංවිධානය කිරීමේ චෝදනාව මත රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ. නිහාල් වන්නිආරච්චි ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. උද්ඝෝෂකයින් 59 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඔවුන්ගෙන් 49 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Read More »

පළාත් බොහොමයකට වැසි

ඌව සහ සබරගමුව පළාත්වලටත් මඩකළපුව, අම්පාර, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලටත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. උතුරු පළාත හැර අනෙක් පළාත්වලට සවස් කාලයේදී වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත‍්‍රික්කවලටත් මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

Read More »