Breaking News
Home » 2018 » March » 01

Daily Archives: March 1, 2018

ප‍්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ජනපති

වංචාවට හා දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල අක‍්‍රමිකතාවලින් තොරව නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ක‍්‍රියාත්මක කරන බව ඔහු කියා සිටී. පොළොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

Read More »

ජල ව්‍යාපෘතිය අත්හිටුවයි

රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය අත්හිටුවීමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක කියා සිටී. මෙම ව්‍යපෘතියට එරෙහිව ගොවින් පිරිසක් පෙබරවාරි 28 වැනිදා තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක නිරත විය. දිස්ති‍්‍රක් ලේකම්වරයා පවසන්නේ, 2011 දී ලැබුණු ඇමති මණ්ඩල අනුමැතිය මත ජාතික ජල සම්පාදන මණ්ඩලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදු කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතියෙන් …

Read More »

11කට එරෙහිව විනය පියවර

නායකත්ව පුහුණු වැඩසටහනකදී සිදු වූ අනතුරකින් විදුහල්පතිනියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් 11 දෙනෙකුට එරෙහිව විනයානුකූල පියවර ගැනිමට නිර්දේශ කර තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට ද සිද්ධිය විමර්ශනය කළ කමිටුව නිර්දේශ කර ඇති බව අමාත්‍යංශය පවසයි. ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා ස්වයං හා ආයතනික විනය සහ නායකත්වය පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි …

Read More »

නියගයෙන් 293,000කට පීඩා

දිස්ත‍්‍රික්ක පහකට බලපා තිබෙන නියගය හේතුවෙන් පවුල් 90,000කට අයත් පුද්ගලයින් 293,000ක් දෙනා පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී. පොළොන්නරුවට සහ අනුරාධපුරයට පසුගිය දින කිහිපයේදී තද වැසි ඇදහැලෙන බැවින් මෙම තත්ත්වය වෙනස් විය හැක. නමුත්, පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල සිටින ජනතාව තවදුරටත් පීඩාවට ලක්ව සිටියි. ඔවුන්ට අවශ්‍ය පානීය ජලය ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

Read More »

අත්අඩංගුවට ගත් 50ක් රිමාන්ඞ්

තඹුත්තේගම නගරයේ පැවති ගොවීන්ගේ විරෝධතාවකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 50 දෙනෙකු මාර්තු 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. අධිකරණ නියෝග කඩ කරමින් කලහකාරි ලෙස හැසිරීමේ චෝදනාව මත 59 දෙනෙකු ඊයේ තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීශානි හමුවට ඉදිරිපත් කරනු ලැබීය. අනෙක් නව දෙනා ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරින.

Read More »

ඉදිරි මාසවලදී පුළුල් වැඩපිළිවෙලක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟා සිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි මාස කිහිපයේදී කි‍්‍රයාවට නංවන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මුදල් අමාත්‍යංශයට, මහ බැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි. ආර්ථික පුනර්ජීවනය උදෙසා ජාතික ආර්ථික සභාව එම ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳව රාජ්‍ය බැංකු ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුාවක් ජනාධිපතිවරයා ඊයේ …

Read More »

15 දෙනෙකුගේ සංචිතයක්

නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගී වන ශී‍්‍ර ලංකා සංචිතයට ක‍්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබෙයි. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන්නේ, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපොන්සු, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා යි. බංගලාදේශය සහ ඉන්දියාව …

Read More »

වී වලට මිල නියම කරයි

නාඩු වී කිලෝව රුපියල් 38 බැගින් ද සම්බා හා කීරි සම්බා වී කිලෝව රුපියල් 41 බැගින් ද වී අලෙවි මණ්ඩලය හරහා මිල දී ගැනීමට ඇමැති මණ්ඩලය තීන්දු කරයි. මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවන බව රජය කියා සිටී.

Read More »

ඉන්වෙස්ට් ශ‍්‍රී ලංකා සිංගප්පූරුවේදී

කොළඹ කොටස් වෙළෙඳපොල සංවිධානය කරන ඉන්වෙස්ට් ශ‍්‍රී ලංකා සමුළුව හෙට සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේදී පැවැත්වේ. කලාපයේ මුල් පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වන එම අවස්ථාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වනු ඇත. මෙම සමුළුව මීට පෙර එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ඔ්ස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල පවත්වා තිබේ.

Read More »

සාමාජිකයින් පත් කරයි

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා සාමාජිකයින් පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ සිදු කළේය. හත් දෙනෙකුගෙන් යුත් එහි සභාපතිත්වය ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දරයි.

Read More »