Breaking News
Home » 2018 » March

Monthly Archives: March 2018

සිව් දෙනෙකු ගිලෙයි

හිනිදුම දී ගිං ගෙඟ් දිය නෑමට ගිය 39 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ 14 වියැති දියණිය සහ සම වයස්වල පසුවූ ඇයගේ මිතුරියන් දෙදෙනෙකු ගිලී මිය ගොස් ඇත. හිනිදුම නගරයට ආසන්න නුගගල හන්දියේ පිහිටි එම කාන්තාවගේ නිවසට පැමිණි යෙහෙළියන් දෙදෙනා සමග ගෙඟ් දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇත.

Read More »

සමාජ මාධ්‍ය ජාල භාවිතය සොයයි

ඇමෙරිකාවට යෑම සඳහා වීසා ඉල්ලූම් කිරීමේදී අයදුම්කරුගේ වසර පහක සමාජ මාධ්‍ය ජාල අනන්‍යතා පිළිබඳ තොරතුරු ද විමර්ශනය කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කරයි. ඒ අනුව, අයදුම්කරුවන් විසින් සිය සමාජ මාධ්‍ය ජාල තොරතුරු මෙන්ම, ගත වූ වසර පහකදී ඔවුන් භාවිතා කළ දුරකතන අංක, විද්‍යුත් තැපැල් ලිපින සහ විදෙස් ගමන් සංචාරක තොරතුරු ලබාදිය යුතුයි. එමෙන්ම, අයදුම්කරුවන්ව වෙනත් රටකින් පිටුවහල් කර තිබේද යන්න …

Read More »

ඩයලොග් සමාගමෙන් අරමුදලක්

ඩයලොග් සමාගම සිය සමාගමේ ඩිජිටල් නවෝත්පාදන අරමුදලේ පළමු වැනි ආයෝජන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි. ඩිජිටල් ව්‍යවසායකත්වය ව්‍යාපෘති හා ව්‍යාපාර අරමුදල් සැපයීම, නගා සිටුවීම, නව ව්‍යාපාර අවස්ථා බිහි කිරීම, ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාරික ශක්‍යතා ගොඩනැගීම අරමුණු කරගනිමින් බී. ඕ.වී කැපිටල් හා ඩයලොග් සමාගම් මෙම අරමුදල ස්ථාපිත කර ඇත. එහි වටිනාකම රුපියල් බිලියන 2.3කි.

Read More »

පෞද්ගලික අංශයේ ආයෝජනයට

කොළඹ බේරේ වැව ආශ‍්‍රිතව ඉදිකර තිබූ පැල්පත් නිවාස ඉවත් කිරීමෙන් පසුව එම ඉඩම් පෞද්ගලික අංශයේ ආයෝජනය සඳහා ලබා දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මාසයේ සිට ඒ සඳහා ආයෝජන සැලසුම් කැඳවන බව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක කියා සිටී. මේ වන විටත් ආයෝජකයින් පස් දෙනෙකු පමණ ඉල්ලූම් කර ඇත.

Read More »

‘කිසිදු බාධාවක් නැහැ’

වෙසක් සහ පොසොන් පුන් පොහෝ දිනයන්හිදී දන්සල් පැවැත්වීම සහ තොරණ ප‍්‍රදර්ශනයට කිසිදු බාධාවක් නැතැයි රජය අවධාරණය කරයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ. එළැඹෙන වෙසක් හා පොසොන් පොහොය දිනවලදී, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිතව දන්සල් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව ද එහි සඳහන්ව ඇත.

Read More »

ජනතාව පෙළ ගැසිය යුතුයි – අනුර

ජාතීන් අතර අසමගිය පතුරුවා හරින බලවේගවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජාතිවාදය පතුරවන සමාජ බලවේග පරාජය කිරීමෙන් ජන වර්ග අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගත හැකි වනු ඇති බව ඔහු කියා සිටී. මහනුවර, දිගන දී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ජවිපෙ නායකයා ඒ බව පැවසීය.  

Read More »

පැවරෙන වගකීම ජනපති කියයි

කුමන ආණ්ඩුවකට, දේශපාලකයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සැකසී ඇති ආයතන ව්‍යූහය ඇතුළත සුහදතාවයෙන් හා එකඟතාවයෙන් යුක්තව කටයුතු කිරීමේ වගකීම පැවරෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව රේඛිය අමාත්‍යංශ සහ පළාත් සභා අතර ගැටුම් හටගත හොත් ඉන් පීඩාවට පත් වන්නේ ජනතාව බව ඔහු කියා සිටී. ඊයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ඒ බව …

Read More »

ලංකාවට කඩුළු හතක ජයක්

පකිස්තානු කාන්තා පිල සමග ඊයේ කොළඹදී පැවති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය කඩුළු හතකින් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගත්තේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පකිස්තානු පිල පන්දුවාර 18.4ක දී ලකුණු 72කට දැවී ගියේය. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු නවයකට කඩුළු හතරක් බිඳ හෙළුවාය. තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගයෙන් පකිස්තානය ජය ගත්තේය.

Read More »

සමත් වීමේ ප‍්‍රතිශතය ඉහළට

පසුගිය වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රතිශතය සියයට 73.05ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී. එම ප‍්‍රතිශතය 2016 දී සියයට 69.94ක් ලෙසින් පැවතින. එමෙන්ම, ගණිතය විෂය සමත් වීමේ ප‍්‍රතිශතය ද සියයට 4.43 කින් ඉහළ ගොස් සියයට 67.24ක මට්ටමක පවතී. සියළුම විෂයන් සඳහා ‘ඒ’ සාමාර්ථ සංඛ්‍යාව ද 8,224 …

Read More »

දඩ මුදල ඉහළට

වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකරන දේශපාලකයින් සහ රජයේ නිලධාරීන්ට එරෙහිව නියම කෙරෙන රුපියල් 1,000ක දඩ මුදල රුපියල් 100,000 දක්වා ඉහළ දමන බව අල්ලස් කොමිසම පවසයි. ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම දැන් සිදු කරන බව කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ කියා සිටී. රජයේ නිලධාරීන්ගෙන් සියයට 75 ක් පමණ දෙනා වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකරන බව ඔහු පවසයි.

Read More »