Breaking News
Home » 2018 » February

Monthly Archives: February 2018

විරෝධතාවකට පොලිස් ප‍්‍රහාරයක්

රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යන ජලය බෝතල්වල ඇසිරීමේ ව්‍යාපාරයකට අද ගොවින් විශාල පිරිසක් තඹුත්තේගම නගරයේදී පැවැත්වූ විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුලූ ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරියේය. අධිකරණයේ අණ නොතකා ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූ බව පොලිසිය කියා සිටී. ඔවුන්ගෙන් 40 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කොට ඇත. රාජාංගනය ජලාශයේ …

Read More »

පියා හා දියණිය වස බොයි

හෝමාගම, විමාන පාරේ නිවසකදී 41 හැවිරිදි පුද්ගලයෙකු තම ආබාධිත තෙහැවිරිදි දියණියට වස පොවා ඔහු ද වස පානය කර සිය දිවි හානි කරගෙන තිබේ. සිද්ධිය සිදු වන අවස්ථාවේ එම පුද්ගලයාගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවසින් බැහැරව සිට තිබේ. බාල දියණිය උපන්දා සිට විවිධ රෝගාබාධ වලින් පෙලී ඇති අතර ගෙවුණු තෙවසරේදී ඇයට ශල්‍යකර්ම 30 ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත.

Read More »

විශේෂ අනුග‍්‍රහයක්

දේශීය කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග‍්‍රහයක් ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියා සිටී. මේ සඳහා, වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අයිඑස්ඔ් ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා අනුග‍්‍රහය ලබා දේ. ඒ යටතේ, තෝරාගත් කර්මාන්ත සඳහා උපරිමය …

Read More »

නව පොකිරිස්සන් විශේෂයක්

ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කටු පොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයාගෙන තිබේ. නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශය සහ කප්පරතොට ප‍්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව නව පොකිරිස්සන් විශේෂය සොයාගෙන ඇත. මෙම පොකිරිස්සන් විශේෂය මීට පෙර දකුණු ඉන්දීය සාගරයෙන් වාර්තා වී නොමැති අතර, ජපානය, තායිලන්තය, සුමාත‍්‍රා, රතු මුහුද සහ සොලමන් දුපත්වලින් පමණක් වාර්තා වී ඇත. කොරල්පර සහිත නොගැඹුරු මුහුදේ …

Read More »

පෞද්ගලික සේවයත් අවුරුදු 60 තෙක්?

වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටළු සාකච්ඡුා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති ජෝන් සෙනෙවිරත්න කියා සිටී. ජාතික කම්කරු උපදේශන සභාවේ රැස්වීමකදී ඔහු ඒ බව කීය. නමුත්, එම යෝජනාව සම්බන්ධයෙන් සේව්‍ය සම්මේලනය සහ වෘත්තීය සමිති පරස්පර විරෝධී අදහස් දැක්වීය. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ …

Read More »

‘සියළුදෙනා එක්විය යුතුයි’

සාමය සහ සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජය ගැනීමට නම් සියළුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි. සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් බව කියා සිටින ඔහු, අධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක එය ජයග‍්‍රහණය කරවීම අභියෝගකාරී වුව ද විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ ඒ සඳහා උර දිය යුතු බව කියා සිටී. ඔහු ඒ බව කියා සිටියේ, සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය එළිදැක්වීම සහ ‘තුන්දෙනෙක්’ …

Read More »

තවදුරටත් වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, …

Read More »

අදත් ගුවන් ගමන් ප‍්‍රමාදයි

කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් ගමන් හතරක් අද දිනයේ ද අවලංගු කර ඇතැයි ශී‍්‍රලංකන් ගුවන් සේවය කියා සිටී. සීෂෙල්ස් හා ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන්වලට එලෙසින් බලපෑම් සිදුව ඇත.  

Read More »

අතරමං වූ සිසුන් බේරා ගැනේ

විනෝද හා අධ්‍යාපන චාරිකාවකට පැමිණ හල්දුම්මුල්ල බඹරකන්ද ආසන්නයේ වංගෙඩිගල ප‍්‍රදේශයේ අතරමංව සිටි කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් නව දෙනෙකු බේරාගෙන තිබේ. හල්දුම්මුල්ල පොලීසිය හා දියතලාව යුද හමුදා කඳවුර හා එක්ව අද උදෑසන එම පිරිස සොයාගත් බව වාර්තා වේ. කඳු බෑවුම්, ප‍්‍රපාත සහිත ඉතා දුෂ්කර ස්ථානයක වංගෙඩිගල පිහිටා තිබේ.

Read More »

ස්ථාපිත කිරීම මැයි 20ට යයි

අලුතින් තේරී පත් වූ පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම මාර්තු 20 වැනිදා දක්වා කල් දැමු බව පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා කියා සිටී. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසූයේ, මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බවයි.

Read More »