Home » කලා » හොලිවුඩ්හි ‘ටයිම්ස් අප්’

හොලිවුඩ්හි ‘ටයිම්ස් අප්’

විශේෂයෙන් හොලිවුඩ්හි සිනමා කර්මාන්තයේදී මෙන්ම අනෙකුත් වෘත්තීයන්හිදී සිදුවන ලිංගික හිරිහැරවලට එරෙහිව නිලියන්, තිර රචකයින් සහ අධ්‍යක්ෂවරුන් 300කට අධික පිරිසක් එක්ව ව්‍යාපාරයක් ආරම්භ කරයි.

‘ටයිම්ස් අප්’ යනුවෙන් නම් කර ඇති එම ව්‍යාපාරය කාන්තාවන්ට එරෙහිව සිදු වන ලිංගික හිරිහැරවලට එරෙහිව ප‍්‍රමුඛස්ථානය දී කටයුතු කරනු ඇත.

විශේෂයෙන් චිත‍්‍රපට නිෂ්පාදක හාවි වේන්ස්ටීන්ට එරෙහිව නිලියන් විශාල පිරිසක් එවැනි චෝදනා එල්ල කර ඇත.

වින්දිතයින්ගේ නඩු වියදම් සහ තම අරමුණු කරා යෑම වෙනුවෙන් ‘ටයිම්ස් අප්’ එක්රැස් කිරීමට අපේක්ෂිත ඩොලර් මිලියන 15ක අරමුදල වෙනුවෙන් මේ වන විටත් ඩොලර් මිලියන 13ක් ලැබී තිබේ.

Check Also

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *