Breaking News
Home » අධ්‍යාපන » සයිටම් 980 ක් කොතලාවලට

සයිටම් 980 ක් කොතලාවලට

මාලබේ පිහිටි සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කෙරේ.

ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඊට අනුව, 2009 සැප්තැම්බර් 15 වැනිදා සිට 2017 මැයි 15 වැනිදා කාලයේදී සයිටම් ආයතනයේ ලියාපදිංචි වු සිසු සිසුවියන් අතරින් මුලික සුදුසුකම් ලැබූවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කෙරේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සාර්ථකව හදාරන ඔවුන්ට වෛද්‍යවේදී ශල්‍යවේදී උපාධිය හෙවත් එම්.බී.බී.එස්. උපාධිය පිරිනැමේ.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *