Breaking News
Home » ව්‍යාපාරික » සංවර්ධන බැඳුම්කර නිකුතුවක්

සංවර්ධන බැඳුම්කර නිකුතුවක්

මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ජුනි 19 වැනිදා විවෘත කළ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව ඊයේ අවසන් විය.

එම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 700 ක් වටිනා බැඳුම්කර ඉදිරිපත් කර තිබින.

පරිණත කාල තුනක් යටතේ විවෘත කළ මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ආයෝජකයින්ගේ වැඩි උනන්දුවක් පැවතියේ වසර දෙකයි මාස 10ක බැඳුම්කර වෙනුවෙනි.

ඒ සඳහා ඩොලර් මිලියන 829.60 ක ලංසු ලැබී තිබූ අතර, ඉන් ඩොලර් මිලියන 693.89 ක ලංසු අනුමත කරනු ලැබීය.

එසේම වසර තුනයි මාස 10 බැඳුම්කර සඳහා ලැබුණු ඩොලර් මිලියන 44.11 ක ලංසුවලින් ඩොලර් මිලියන 6.11 ක ලංසු අනුමත විය.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *