Home » කලා » සංගීතාත්මය හෙට නෙළුම් පොකුණේදී

සංගීතාත්මය හෙට නෙළුම් පොකුණේදී

ජනප‍්‍රිය ගායක ගායිකාවන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘සංගීතාත්මය’ සංගීත සන්ධ්‍යාව හෙට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ.

සංගීතවේදී දර්ශන රුවන් දිසානායකගේ සංගීත දිවියේ 18 වන සැමරුම නිමිත්තෙන් එය සංවිධානය කර ඇත්තේ, ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය විසිනි.

ලතා වල්පොල, කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජනී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, සේනානායක වේරලියද්ද, ඉන්දිකා උපමාලි, චන්දන ලියනාරච්චි, ජානක වික‍්‍රමසිංහ, ශෂිකා නිසංසලා, රූනි, දුමාල් වර්ණකුලසූරිය, රවීන්ද්‍ර අලගියවන්න, තුසිත් සිම්සන්, කුෂානි සඳරේඛා, සූර්යා දයාරුවන්, හර්ෂණ දිසානායක, ලක්ෂනා ලක්මිණ, වේරංජනා දුනුවිල, සමන් ලෙනින්, සචිනි නිසංසලා, සචිනි රණවක, ෂම්මිකා අමානි, රංජන් සාලි හා හිමාෂ දිසානායක එහිදී ගීත ගායනා කරති.

ප‍්‍රවේශපත‍්‍ර දොරටුවෙන් ලබාගත හැක.

Check Also

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *