Breaking News
Home » ක්‍රිඩා » ෂර්මා වාර්තාවක් සම කරයි

ෂර්මා වාර්තාවක් සම කරයි

ඊයේ ශ‍්‍රී ලංකාව සමග පැවති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා වේගවත්ම ශතකයට හිමි ලෝක වාර්තාව සම කළේය.

මීට පෙර දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පිතිකරු ඬේවිඞ් මිලර් පන්දු 35කදී ශතකයක් ලබාගත් අතර, රෝහිත් ද පන්දු 35කින් තම ශතකය ලබා ගත්තේය.

දැවී යන විට ඔහු පන්දු 43කදී ලකුණු 118ක් රැස් කළේ හතරේ පහර 12ක් සහ හයේ පහර 10ක් සමගිනි.

කේ.ඒ. රාහුල් ද ලකුණු 89 ක් වාර්තා කළේය.

ඉන්දියාව කඩුළු පහක් දැවී ලබා ගත් ලකුණු 260 ට පිළිතුරු ලෙසින් ශී‍්‍ර ලංකාව පන්දුවාර 17.2 කදී ලකුණු 172කට දැවී ගියේය.

කුසල් ජනිත් පෙරේරා පන්දු 37කදී ලකුණු 77ක් හා උපුල් තරංග පන්දු 29කදී ලකුණු 47ක් බැගින් ලබා ගත්හ.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *